ඉන්දීය ප්‍රකෝටිපති අදානිට ඇමරිකාවෙන් නඩු

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : Adani සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනු කර ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

2020 සිට 2024 දක්වා කාලය තුළදී සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්‍රාත්තු ලබා ගැනීමට ඉන්දීය රජයේ නිලධාරීන්ට ඩොලර් මිලියන 250කට වඩා අල්ලස් ගෙවීමට එකඟ වූ බවට බලධාරීන් බදාදා අදානි ග්‍රීන් එන්ජි හි තවත් විධායකයින් දෙදෙනකුට, ඔහුගේ බෑණනුවන් වන සාගර් අදානිට සහ වීනීට් ජයින්ට චෝදනා එල්ල කර ඇත.

ව්‍යාජ සහ නොමඟ යවන සුළු ප්‍රකාශ මත පදනම්ව මෙම කාල සීමාව තුළ අදනිගේ පුනර්ජනනීය බලශක්ති සමාගම වන අදානි ග්‍රීන් එන්ජි සමාගම ඩොලර් බිලියන 3 කට වඩා වැඩි ණය සහ බැඳුම්කර රැස් කර ඇති බව නඩු පවරන්නන් ප්‍රකාශ කරන අතර Adani සමූහය මෙම සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම චෝදනාවන් හේතුවෙන් Adani සමූහ සමාගම්වල කොටස් වෙළඳපල වටිනාකමින් ඩොලර් බිලියන 28 ක් පමණ අහිමි වූ අතර Adani Green Energy විසින් ඩොලර් මිලියන 600 ක බැඳුම්කර විකිණීම අවලංගු කරන ලදී. එමෙන්ම Adani Green Energy හි කොටස් සියයට 17කින් පහත වැටුණු අතර සමූහ ව්‍යාපාරයේ තවත් සමාගම් කිහිපයක කොටස් සියයට 10කට වඩා අහිමි වී ඇත.

Forbes සඟරාවට අනුව ගෞතම් අදානි ලොව 22 වැනි ධනවත්ම පුද්ගලයා සහ ඉන්දියාවේ දෙවන ධනවත්ම පුද්ගලයා වන අතර ඔහුගේ මුල්‍ය වටිනාකම ඩොලර් බිලියන 69.8 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් දේශගුණික අර්බුදය හරිත වංචාවක් බව කියයි; මෙවර COP30 සමුළුව මඟහරියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එළඹෙන නොවැම්බර්...

කාලගුණය යහපත්: අද (01) කාලගුණ නිවේදනය

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : සබරගමුව, මධ්‍යම සහ...

IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඛනිජ තෙල් සංස්ථාවේ...

දුමිදුගේ ඇමෙරිකානු බැඩිමින්ටන් සැරිසැරීමේ තවත් පියවරක අවසාන හතරට

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...