*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (4) කඳවුරු සරසවිය

බොහෝ විට කඳවුර තුලට ආහාරය පිනිස පැමිණි මස් එළවලු වැනි දෑද ඇතැම්විට බත පවා හරියට පිසී තිබුනේ නැත. එහිදී කඳවුරේ සිටි ඉංජිනේරු ශිෂ්‍ය රැඳවියන් විසින් කඳවුරේම තිබූ තඹ කම්බි වැනි දෑ උපයෝගී කරගනිමින් දැවැන්ත විදුලි උඳුන් කීපයක්ම එහි සාදා තිබින. කඳවුර සඳහා බාවිතාකර තිබුනේ පැරණි කර්මාන්ත ගොඩනැගිල්ලක් නිසා ඉංජිනේරු ශිෂ්‍යයන්ට උඳුන් සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එහි නොඅඩුව තිබින.

එහිදී ආහාර ලබාදීමෙන් අනතුරුව පොලිස් බටයන් පිටවගිය වහාම බාගෙට පිස ගෙනවිත් තිබූ ආහාර නැවත විදුලි උඳුන්වල දමා අපි පිස ගත්තෙමු. අනතුරුව උඳුන් කීපය වහවහා සඟවා දැමුවෙමු. ඒ කෙසේ හෝ මේ උඳුන් නිසා එදා අපට බඩේ අජීර්ණ සාදාගැනීමෙන් වැලකී සිටීමට හැකිවිය.

කඳවුරේ සිටි රැඳවියන්ව දින විසි එකකට වරක් පිටතින් පැමිණෙන ඥාතීන්ට බැලීමට අවස්තාව සලසාදී තිබින. එහිදී ඥාතීන් විසින් රැගෙන එන සබන්, දත්බෙහෙත්, ඇඳුම්, පැනඩෝල් පෙති වැනි දෑ අපට ලබාගත හැකිවිය.
මෙහිදී තිබූ ගැඨළුව නම් එහි සිටි ලොකු පිරිසකට පිටතින් ඔවුන් බැලීමට කිසිවෙකු නොපැමිනීමයි. ඇතමුන්ගේ ගේ දුර ප්‍රශ්නය නිසා හෝ ආර්ථික අපහසුතාවය නිසා ඥාතීන් කිසිවෙකු පැමිණියේ නැත. තවත් අයට ඔවුන්ව බැලීමට පැමිණීමට නිවෙස්වල කිසිවෙකු ජීවතුන් අතර සිටියේ නැත.

ඒ කෙසේ වෙතත් සියල්ලන්ගේම අවශ්‍යතා ඉටුවෙන පරිදි කඳවුරේ සිටි රැඳවියන් විසින් පොදු සමූපකාරයක් පවත්වාගෙන යන ලදී. නිවෙස්වලින් පැමිණෙන සබන්,බිස්කට්, ඇඳුම් වැනි සියළු බඩු තිබුනේ මේ කුඩා සමූපකාරය තුලය. අවශ්‍යතාවයට අනුව සමූපකාරයේ බඩු සැමදෙනා වෙතම බෙදාදෙන ලදී.

මෙහිදී සමූපකාරයේ බඩු කඳවුරේ සිටි ප්‍රමාණයට කොහෙත්ම ප්‍රමානවත් වූයේ නැත. ඊට පිළියමක් ලෙස කඳවුරේ කුස්සියෙන් ගෙන්වාගත් පොල් කටුවලින් විවිධ කැටයම් නිර්මාණ සාදා ඒවා පොලිස් බටයන්ට විකුනා හිලව්වට සබන්, දත්බෙහෙත්, බෙහෙත් ද්‍රව්‍ය වැනිදෑ ගෙන්වා ගත්තේය.

ජීවිතය සුවපහසු තැන්වල මිනිසුන් කොහොමත් යහපත්‍ ය. නමුත් ජීවිතය අතිශය දුෂ්කරවූ අවස්තාවල මිනිසුන් සොබාවයෙන්ම දුෂ්ඨවේ ආත්මාර්තකාමීවේ. අනෙකා යටකරගනිමින් අනෙකා පරයමින් තමන් පමණක් හුස්ම ගැනීමට එහිදී මිනිසුන් යත්න දරයි.
මෙහිදී මහා දුෂ්කර සිපිරි ගෙයක් තුලදීත් මිනිසුන්ට මෙසේ පරාර්ථකාමී විය හැකිනම් සියළු කටුකත්වයන් සියළු දුෂ්කරතාවයන් අබිබවමින් මිනිසුන්ට මෙසේ අනෙකා ගැන සිතිය හැකිනම් මනුශ්‍යත්වයේ විශිෂ්ඨත්වය තිබී ඇත්තේ එහි බව වසර තිස් තුනක් පැරණි ඉතිහාසය සිහිපත්වෙන හැමවිටෙකම මට හැඟේ.

මා කඳවුරට යනවිටත් වැඩිහිටි රැඳවියන් විසින් සෙසු රැඳවියන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ සැලැස්මක් කඳවුර තුල ආරම්භ කර තිබින. අධ්‍යාපනය සඳහා රැඳවියන්ට අවසර නොතිබූ නිසා මේ කටයුතු ඉතාම රහසිගතව කරගෙන යායුතුව තිබින.

මෙහිදී කඳවුරට අළුතෙන් පැමිණෙන අයවළුන්ගේ ඉංග්‍රීසි දැනීම පරීක්ෂාකර ඔවුන් සිටි මට්ටම්වලට අනුව කඳවුරේ පැවති විවිධ ඉංග්‍රීසි පන්තිවලට ඔවුන්ව ඇතුලත් කෙරේ. එහිදී ඉංග්‍රීසි හෝඩියේ සිට උසස් ඉංග්‍රීසි සාහිත්‍ය දක්වාවූ විවිධ මට්ටම්වල ඉංග්‍රීසි පන්ති විස්සක් පමණ එහි තිබින.

ඊට අමතරව සිංහල අකුරු නොදත්තවුන්ට අකුරු ඉගැන්වීමට වෙනම සිංහල හෝඩියක්ද එහි තිබින.

සිංහල අකුරු ලිවීමටද බැරි කීපදෙනෙක්ද එහි සිටියා මට මතකය. පාසල් වයසේ සිටි රැඳවියන්ට සාමාන්‍ය පෙල සඳහාද උසස් පෙල සඳහාද අවශ්‍ය අධ්‍යාපනය එහිදී ලබා දුනි. කොටින්ම එක වසරේ සිට දොලහ වසර දක්වාම වූ සියළුම පන්තීන් එහි තිබින.

එහි අධ්‍යාපනය ලැබූවන් අතර පසුව සරසවි වරම් ලැබූවන්ද සිටියේය. තවත් අය පසුකාලයේ ගුරු, නීතිඥ වෘතීන්වල නියැලී සිටිනු දක්නට ලැබුනි.

යාපනය පෙදෙසින් ගෙනැවිත් දමා සිටි දමිළ සගයන් විසින් දෙමළ බාෂා පන්තිද ජර්මන් බාෂාව දන්නා සගයන් විසින් ජර්මන් බාෂා පන්තිද කඳවුර තුල පවත්වාගෙන යමින් තිබින. රැඳවියන් දමා තිබූ පැරණි කර්මාන්ත ගොඩ නැගිල්ලෙන්ම ගලවාගත් විදුලි අමුද්‍රව්‍ය කීපයක්ම ප්‍රැක්ටිකල් සඳහා බාවිතාකරමින් පවත්වාගෙන ගිය විදුලි කාර්මික පාඨමාලාවක්ද එහි තිබින.

ඊට අමතරව කුංග්ෆු සහ කරාටේ සටන් කලාව හැදෑරුවන් විසින් කරාටේ සහ කුංග්ෆු සටන් කලාවද යාපනයේ සිට ගෙනවිත් දමා තිබූ ෂිවා නැමති රැඳවියා විසින් පවත්වාගෙන ගිය සිදම්බරම් (පොලුකැරකවීමේ) පිළිඹඳ සටන් පාඨමාලාවක්ද එහි තිබින.

කඳවුර තුල ටෙලෝ, ඊරෝස් වැනි සංවිධනවල සැකකරුවන් කීප දෙනෙක්ද සිටි අතර ඔවුන් බැලීමට කිසිදා කිසිම ඥාතියෙකු හෝ කිසිවෙකු හෝ පැමිණියේ නැත. එහිදී කිසිම වාර්ගික හැඟීමක් ඇතිවෙන්නට ඉඩ නොතබා ඔවුන්ගේ සබන්, ඇඳුම්, බෙහෙත් වැනි අවශ්‍යතාවයන් හැකි පමණින් සපුරමින් ඔවුන්ව ආරක්ෂාකර ගැනීමට එදා අපට හැකි වුණි.

කඳවුරට අවශ්‍ය අධ්‍යාපන දැනීම ලබාගැනීම සඳහා එහි රැඳවියන් ලෙස වෛද්‍ය ශිෂ්‍යයන්ද, ඉංජිනේරු ශිෂ්‍යයන්ද, විශ්වවිද්‍යාලවල කලා හා වානිජ අංශවල ශිෂ්‍යයන්ද නොඅඩුව සිටියේය. එසේම ඊට අමතරව විවිධ විෂයන්වල නිපුන ගුරු වෘතිකයන් කිහිප දෙනෙක්ද කඳවුර තුල සිටියා මට මතකය.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් මෙයට වසර තිහකට පමණ පෙරම ලංකාව අතැරගිය අතර තවත් පිරිසක් මේවනවිට ජීවතුන් අතරද නැත.

පිටතින් ලැබුන පොතපතින් හා පොල් කටු නිර්මාණ විකුනා ලබාගත් පොතපතින් සැදුම් ලත් කුඩා රහසිගත පුස්තකාලයක්ද කඳවුර තුල තිබින. එහි “මොන්ත ක්‍රිස්තො සිටුවරයා” “ඇනා කැරනිනා” “ඩාවින්ගේ පරිනාමවාදය” වැනි පොත්පත් ද තිබූ බවට යාන්තමට වගේ මාගේ මතකයේ ඇත.

එසේම මේ පොතපත කියවා ඒ පිළිඹඳව සාහිත්‍ය විචාර පවත්වන සහිත්‍ය කව ද එහි තිබින. සෑම ඉරිදා දිනයකම සාහිත්‍යය ප්‍රසංගයක්ද එහි තිබින.

සෑම විටෙකම මේ අධ්‍යාපන වැඩ සටහන් පවත්වාගෙන යායුතු වූයේ රහසිගතවය. මන්ද කඳවුරේ පාලකයන් විසින් මේවා අර්තකතනය කරගෙන තිබුනේ කැරැල්ලට අදාල අධ්‍යාපන කවයන් ලෙසය.

එහිදී කීප විටක්ම ඔවුන් හිටි හැටියේ කඳවුර තුලට කඩා පැන අධ්‍යාපනය නවත්වාදමන ලෙස තර්ජනය කර තිබූ අතර තවත් අවස්තා දෙකකදී අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුන් දෙදෙනෙකුව පිටතට රැගෙන ගොස් ඔවුන්ව ජල ටැංකියක ගිල්වමින් යටි පතුල්වලට පහරදී තුවාල සිදුකොට නැවත ඇතුලට ගෙනැවිත් දමා තිබින.

ඒ නිසා බොහෝවිට මේ අධ්‍යාපන කටයුතු සිදු උනේ පිටත ගැන විපරමින් සහ රහසිගතවය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

පෙර ලිපි –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan