එකම තැන වසර තුනට වැඩි පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු – ඇමති ටිරාන්

එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ඒ සඳහා අයදුම්පත් 1300ක් පමණ ලැබුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේ අයදුම් කළ නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව දැනටමත් 1090 දෙනෙකු සුදුස්සන් වශයෙන් තෝරාගෙන ඇති අතර ඔවුන්ව නුදුරේදීම පොලිස් ස්ථානාධිපතිවරුන් වශයෙන් පත්කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කිසිසේත්ම දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් නොකරන බව අවධාරණය කළ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඒ ඒ නිලධාරීන්ගේ සුදුසුකම් අනුව ඔවුන්ව නිවැරදි ස්ථානවලට පත්කිරීමට කටයුතු කරගෙන යන බවත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...