එකම තැන වසර තුනට වැඩි පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු – ඇමති ටිරාන්

Date:

එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ඒ සඳහා අයදුම්පත් 1300ක් පමණ ලැබුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේ අයදුම් කළ නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව දැනටමත් 1090 දෙනෙකු සුදුස්සන් වශයෙන් තෝරාගෙන ඇති අතර ඔවුන්ව නුදුරේදීම පොලිස් ස්ථානාධිපතිවරුන් වශයෙන් පත්කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කිසිසේත්ම දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් නොකරන බව අවධාරණය කළ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඒ ඒ නිලධාරීන්ගේ සුදුසුකම් අනුව ඔවුන්ව නිවැරදි ස්ථානවලට පත්කිරීමට කටයුතු කරගෙන යන බවත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...