උපුල් ශාන්ත සන්නස්ගල ටිපර් වෙලා වීඩියෝ එකක් දාල තියනවා. ඒකෙ වමේ පක්ෂ වල ප්‍රජාතන්ත්‍රවාදය ගැන සෑහෙන විවේචනයක් කරනවා. විශේෂයෙන් එයාලට එරෙහිව අදහස් ප්‍රකාශ කරන අය ගැන.
උපුල් ශාන්ත සන්නස්ගලට ඔයිටත් වඩා ”ටිපර් වී” අදහස් දැක්වීමේ අයිතියක් තියනවා. එකම දේ ඒක අපිට තරමක් අළුත්. විශේෂයෙන් වන්දනීය වමට ඒක අළුත්. ඒ නිසා ප්‍රතිචාර ගොඩක් සැරයි.
සන්නස්ගල පාවිච්චි කරන මේ ”ඩිජිටල් අයිතිය” නූතන ලෝකය දිනා ගත් අයිතියක්. වසර දහස් ගණනක් සිරගත කරල, මිනිස්සුන්ගේ අදහස් දැක්වීම මර්ධනය කරලා, පෞර්ෂ සුවිශේෂතා මර්ධනය කරලා, කේවල පුද්ගලබව මර්ධනය කරලා තිබ්බ පුර්ව නූතන දේශපාලනය විතරක් නෙවෙයි නූතන දේශපාලනයේම දිගුවක් වෙච්ච නැගෙනහිර යුරෝපේ සහ පෙරදිග චීනයේ මාක්ස්මය දේශපාලනය පවා මේ අදහස් දැක්වීමේ පරම පුද්ගල අයිතිය ගැන හිටියේ අඩමාන ස්ථාවරයක.
බර්ලින් තාප්පේ පෙරළලා දැම්මට පස්සේ වමේ ආධිපත්‍යය අවසන් උණා. තව තියෙන්නේ ඔය උතුරු කොරියාව, රුසියාව සහ චීනය. ඒවත් නූතන බවේම රෝග ලක්ෂණ කිහිපයක් හැටියට.
හැබැයි මේ රටවල්වල මිනිස්සුන්ට වරමක් දුන්නොත් ඇමෙරිකාවට යන්න එයාල උතුරු කොරියාවේ ඉන්නේ නැහැ.
ජාතිකත්වය මොකක් උණත් මිනිස්සු හෝ ගාල යන්නේ ඇමෙරිකාවට සහ යුරෝපයේ අනෙකුත් ලිබරල් රටවල් වලට. මින් අදහස් කරන්නේ නැහැ ලිබරල් රටවල අදහස් ප්‍රකාශ කිරීම ඉස්මුදුණින් තියනවා කියල. නමුත් කුමන කඳවුර ඇතුළේ වුණත් මිනිස් ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් වූ දියුණු අරගලයක් ලෝකය පුරා තියනවා.
බර්ලින් තාප්පය බිඳ වැටීම කියන්නේ මට නම් රුසියන් විප්ලවයට වඩා ලස්සන දසුනක්. ඒ නිසා විසි වෙනි සියවසේ වමේ ආකෘතියක් නැවත හරියන්නේ නැහැ.
ටිකක් රස්තියාදු විදියට සන්නා පාවිච්චි කරන්නේ එයාගේ අයිතිය. ඒ අයිතිය එයාට තියෙන්න ඕනි. අනික් අයට එයාට නාකියා කියන්නත් අයිතියක් තියනවා. අවුලක් නැහැ..
හැබැයි එයාට නාකියා කියනකොට අපිත් බලන්න ඕනි අපි ගැන කණ්නාඩියෙන්. අපිටත් වයසයි.
ඔය අදහස් දැක්වීම ගැන වමේ උන් ටිපර් වුණාට දැන් බලන්නකෝ ඔය මෛත්‍රීපාල සිරිසේන මහත්තය. ඔහොම නෙවෙයි පොරව කිච කලේ මේ බුකිය. බලන්නකෝ වගේ වගක් නැතුව ඉන්න හැටි. ඊයෙත් ඉන්නවා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. ගේමත් ගහනවා පුළුවන් හැටියට.
ලොකු චරිත නඩත්තු කරන්න බලාගෙන දේශපාලනය කරන්න එන්න එපා. බිංදුවට වැටෙන්න බලාගෙන එන්න.
එතකොට ටිපර් එක එච්චර බර වෙන එකක් නැහැ.
~ මහේෂ් හපුගොඩ
RN