වර්තමාන පාර්ලිමේන්තුව ජනතා මතය පිළිඹිබු වන කැඩපතක් නොවන අතර එය අවලංගු කාසියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.
ඒ, අද (21) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
වත්මන් ආණ්ඩුව පත්වන විට පැවති ජනමතය තවදුරටත් නොමැති බවත් එය හාත්පසින්ම වෙනස් වී ඇති හෙයින් ජනතා මතය පිළිඹිබු වන පාර්ලිමේන්තුවක් ඇතිකර ගැනීමට අවස්ථාව දිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එය පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ කළ හැකි නමුත් එයට රජය අකමැති අතර එසේ මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම් ඊට අධිකරණ ප්‍රතිපාදන ලබාගැනීමට කටයුතු කරන බවයි හෙතෙම කියාසිටියේ.
ASK