*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/21

1. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට දෙසැම්බර් දක්වා ලබා දී ඇති කාලසීමාව මඟහැරෙනු ඇති බවත්, එම අරමුදලේ ඩොලර් බිලියන 2.9ක ණය වසර 4ක් පුරා කොටස් 8කින් ලබා ගැනීමට 2023 වර්ෂයේ මාර්තු මාසය දක්වා බලා සිටීමට සිදුවනු ඇති බවත් එක්සත් ජනපද විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති – මීට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 36 ක මුළු ණයෙන් ඩොලර් බිලියන 7 ක් හිමි චීනය, ශ්‍රී ලංකාවේ ණය “ප්‍රතිව්‍යුහගත කිරීම” සඳහා එතරම් උනන්දුවක් නොදැක්වීමයි.

2. “Templeton Religion Trust” විසින් ප්‍රදානය කරන ලද ඇ.ඩො. 100,000 ක අරමුදල්ලාභියකු ලෙස ලෙස බටහිර අරමුදල් මත යැපෙන කොළඹ පිහිටි “Advocata Institute” ආයතනය තෝරාගෙන ඇත – පෞද්ගලීකරණය සහ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් නිතර වාචික වූ ආයතනයක් වන Advocata හි ප්‍රධාන විශ්ලේෂකයන් ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමක් සඳහා යොමුවිය යුතුබවට ඉදිරිපත් වූ යෝජනාවට නායකත්වය දුන් පුද්ගලයන් බව ද සිහිපත් කළ යුතුය.

3. හිටපු මුදල් අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යළි දිවයිනට – එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විශාල පිරිසක් ඔහු පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපළට!

4. 2023 අයවැයෙන් පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – 2023 සහ 2027 අතර කාලයෙහි “පරිවර්තනීය ආර්ථික වෙනසක්” ඇති කිරීමට මේවාට හැකියාව ඇති බව ද ප්‍රකාශ කරයි.

5. “දැනුමැති” පුද්ගලයන් විසින් ආර්ථිකය කළමනාකරණය කළේ නම් ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට පත් නොවනු ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි – කෙසේවෙතත්, විශ්ලේෂකයන් පවසන්නේ නන්දලාල් වීරසිංහ 2021 දක්වා වසර 9 කට වැඩි කාලයක් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස සේවය කර ඇති බවත්, 2015 සිට 2019 දක්වා කාලය තුළ, ආර්ථික අර්බුදයට තුඩුදුන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුත් කිරීමේ දී ඇ.ඩො බිලියන 10 (ශුද්ධ) ක් සියයට 8 ක ආසන්න පොලී අනුපාත යටතේ නිකුත් කරන ලද්දේ ඔහුගේ අධීක්ෂණය යටතේ බවත් ය.

6. ශ්‍රී ලංකාව 2019 දී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ඩොලර් බිලියන 4.4 ක දැවැන්ත ණයක් ලබාගෙන ඇති අතර එය ආර්ථිකය අවදානමට ලක්වීමට හේතු වූ බව හිටපු ප්‍රවාහන ලේකම් සහ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයකු වන ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ප්‍රකාශ කරයි – එවකට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපතිධුරය හෙබ වූ අතර, වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිධුරය හෙබවීය.

7. ඖෂධයක් ලෙස අපනයනය සඳහා ගංජා වගා කිරීමේ 2023 අයවැය යෝජනාව සාධනීය පියවරක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි – තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී ඒ සඳහා ආරක්ෂක අංශ බල ගැන්වීම සඳහා කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කළ බව ද සිහිපත් කරයි.

8. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ, වසර 7ක ග්ලයිෆොසේට් (Glyphosate) තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය අනුමත කරයි – සහල්, බඩ ඉරිඟු, තේ සහ රබර් වැනි භෝගවල වල්පැළෑටි මර්දනය සඳහා ග්ලයිෆොසේට් (Glyphosate) භාවිතා කරයි.

9. අගමැති විසින් මෑතකදී හිටපු මැතිවරණ කොමිසම් සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කරන ලද ජාතික සීමා නිර්ණ කමිටුව නීත්‍යානුකූල නොවන බවත් ඊට නීත්‍යානුකූල බලයක් හිමි නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ස්වාධීන” පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසයි.

10. Bethany Christian Life Centre හිදී “සාක්ෂි” දෙමින්, තම සැමියාගේ ජයග්‍රහණ සහ ලබාගත් සියලුම දෑ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිසා සිදුවූ බව ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිඳ යෙහාලි පවසයි – කුමාර් සංගක්කාරගේ දස්කම්වල ගෞරවය දෙවියන් වහන්සේට හිමිවිය යුතු බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan