පාර්ලිමේන්තු වාර්තා විද්‍යුත් පිටපත් ලෙස ලබාදෙන බවට කතානායක ගෙන් ප්‍රකාශයක්!

Date:

පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා විද්‍යුත් පිටපත් ලෙස ඉදිරිපත් කරන අතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි ඒවායේ මුද්‍රිත පිටපත් සීමිත ප්‍රමාණයක් තබා ගැනීමට ද කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තු සභාව අමතමින් පවසා සිටියේ ය.

2022 ජූනි 02 වැනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුකූලව මෙම පියවර ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව 2023 සැප්තැම්බර් 29 වැනි දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගත් තීරණ මත පදනම්ව අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී ඒ ඒ අමාත්‍යාංශ/ ආයතන සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රගති වාර්තා සම්බන්ධයෙන් වුවද කාරක සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණ මත මන්ත්‍රීවරුන්ට මෘදු පිටපත් ලබා දෙන බවට ද කථානායකවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉහත සඳහන් වාර්තාවල මුද්‍රිත පිටපත් කිහිපයක් සභා ගර්භයේ සහ පුස්තකාලයේ තබා ගැනීමට ද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...