කොළඹ අඳුරු වේද..?

Date:

විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් රාත්‍රී කාලයේ කොළඹ නගරයේ මාර්ග ආලෝක සංඥාවල විදුලි සැපයුම ඉදිරියේදී විසන්ධි විය හැකි බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

මාස ගණනාවක සිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15 ක මුදලක් විදුලි බිල් සඳහා ගෙවා නොමැති බවට අද වාර්තා පළ වි තිබුණි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ විවිධ ආයතනවලින් එම මණ්ඩලය වෙත රුපියල් බිලියන 40 ක පමණ හිඟ බිල්පත් අය විය යුතුව පවතින බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙවා නොමැති බව කියන හිඟ බිල්පත් සම්බන්ධයෙන් ද සොයාබැලීමක් සිදුකළ යුතු බවය.

මේ අතර අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අද දෙරණ මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කළේය.

එහිදී එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස් වීරකෝන් මහතා සදහන් කළේ අදාළ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන අතර මේ පිළිබඳ කඩිනමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කරන බවය.

එමෙන්ම විදුලිබල මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත බිල්පත් යොමු කිරීමේදී ප්‍රමාදයන් ද සිදුවන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතාගෙන් උපදෙස් අනුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

රෂිකා හෙන්නායක
2022.21

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...