අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

0
218

2024 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වීමට නියමිතව තිබේ.

විවාදය අද දිනයේත් පැවැත්වෙනු ඇති අතර ඡන්ද විමසීම අද පස්වරු 06.00 ට සිදුකිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද්දේ නොවැම්බර් 13 වනදා ය.

RN