නැවතත් ජාතික සමඟිය අවශ්‍ය වෙලා.නැත්නම් ප්‍රශ්න ගොඩයි – ඩිලාන්

Date:

කොළඹ LNW:පසුගිය මාස 2-3 දෙස බලන විට නැවතත් ජාතික සමඟිය සහ ප්‍රතිසංධානය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේවල් රට තුළ සිදුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ, ප්‍රතිසන්ධානය සහ ජාතික සමඟිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදිය.

එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වී තිබුණි.

මේ රැස්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සහජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය යන ආයතනවල රාජ්‍ය නිලධාරීන් සහ නියෝජිතයන් සහභාගී වී තිබුණි.

ඇතැම් දේශපාලන නායකයන් සහ ආගමික නායකයින් ආගම් හෝ ජාතීන්ට නිග්‍රහ වන ලෙස හැසිරෙන බවත් මෙය දිගින් දිගටම සිදුවුහොත් රට ආර්ථික බංකොලොත් තත්ත්වයෙන් ගොඩගැනීම පවා අසාර්ථක වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහෙයින් මෙම පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අවශ්‍ය පියවර මෙම කාරක සභාව හරහා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කියාසිටියේය.

ජාතික සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය මගින් සිදුකරනු ලබන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබුණි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත හරහා යෝජිත ඉලක්කයක් වන ප්‍රතිසංධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් එය ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කළ හැකි බවත් ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන් පවසා ඇත.

විශ්වවිද්‍යාල සහ පාසල් හරහා සිදුකරන ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳවද ඔවුන් කාරක සභාව දැනුවත් කර තිබේ..

ජාතික සමඟිය ප්‍රවර්ධනය කිරීමේ හොඳම වේදිකාව පාසල් ව්‍යුහය බව පෙන්වා දුන් කාරක සභාව, මෙම පනත සඳහා නීත්‍යානුකූලවම පාසල් පද්ධතිය සම්බන්ධ කර ගත හැකි වන්නේ කෙසේදැයි විමසා තිබේ. එයට පිළිතුරු ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ත්‍රෛභාෂික පාසල් 67න් තෝරාගත් පාසල් සමඟ මූලික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන් පවසා ඇත. මෙම පනතේ විධිවිධානවලට අනුව ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයට අවශ්‍ය සංශෝධන සඳහා රජයට නිර්දේශ ඉදිරිපත් කළ හැකි බවයි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

මේ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත්, ආංශික අධීක්ෂණ කාරක සභාවේ මීළඟ රැස්වීම්වලට තරුණ නියෝජිතයන් ද ඇතුළත් කර ගැනීමට අපේක්ෂා කරන බවත් කාරක සභාවේ සභාපති ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පවසා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...