සහල් ආනයනය කරනවාද ? – කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

එළඹෙන දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව සම්බා සහ කීරිසම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ තුළින් ද සහල් මිල පාලනය කරගැනීමට නොහැකි වුවහොත් ආනයනය කරන සහල් ප්‍රමාණය තවදුරටත් වැඩිකිරීමට තීරණය කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

රුපියල් 260ක පාලන මිලක පවතින කීරිසම්බා සහල් කිලෝවක් මේ වනවිට වෙළඳපොලේ රුපියල් 300 – 310 අතර මිලකට අලෙවි කෙරෙන බව පැවසූ අමාත්‍යවරයා මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරික ආයතන කිහිපයක් මෙසේ විශාල වශයෙන් මිල ඉහළ දැමීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරමින් සිටින අතර එහි ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: තෙදින නිල...

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...