*
Friday, May 3, 2024
spot_img

Latest Posts

සහල් ආනයනය කරනවාද ? – කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

එළඹෙන දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව සම්බා සහ කීරිසම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ තුළින් ද සහල් මිල පාලනය කරගැනීමට නොහැකි වුවහොත් ආනයනය කරන සහල් ප්‍රමාණය තවදුරටත් වැඩිකිරීමට තීරණය කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

රුපියල් 260ක පාලන මිලක පවතින කීරිසම්බා සහල් කිලෝවක් මේ වනවිට වෙළඳපොලේ රුපියල් 300 – 310 අතර මිලකට අලෙවි කෙරෙන බව පැවසූ අමාත්‍යවරයා මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරික ආයතන කිහිපයක් මෙසේ විශාල වශයෙන් මිල ඉහළ දැමීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරමින් සිටින අතර එහි ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan