ජ’පුර ඇවිලෙයි.කළමනාකරණ පීඨ සිසුන්ට විශ්ව විද්‍යාල භූමියත් තහනම් වෙයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා කටයුතු කර තිබේ.

උපකුලපතිවරයාගේ නිල කාමරය අසළට ගොස් සිසුන් පිරිසක් කළ බලපෑම් හමුවේයි මෙම තීරණය ගෙන ඇත්තේ.

සිසුන් 10කගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් මෙලෙස තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් එල්ලකර ඇති බව සඳහන්.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ පංති තහනම් කර ඇත්තේ විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ බවයි.

කෙසේවෙතත් කළමනාකරණ පීඨයේ සිසුන්ට නැවත දැනුම්දෙන තුරු විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට නිවේදනය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...