Friday, December 1, 2023
spot_img

Latest Posts

ගුරු ඊගොවේ උස කඩුල්ලත් වාර්තාගත ලෙස ඉක්මවා ගිය “අයෝමාල්”

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දී දක්ෂතම ක්‍රීඩකයා තේරීමේදී අමුතු සිද්ධාන්තයක් හඳුන්වා දුන් කිහිප දෙනෙක් ඒ සඳහා නියම සුදුස්සාට එම අගය දීම ප්‍රතික්ෂේප කළ බව අපි ලීවෙමු.ඒ සඳහා තොරුතුරු විමසීමේදී දුන් පිළිතුර වූයේ කඩුලු පැනීමේ ඉසව්වේ ලකුණු පිරිනමා ඇත්තේ එහිදී භාවිතාවන උස අනුව බවය.ඒ ආකාරයටම එම වගකීම භාරව සිටි ගුරුවරයා පෙන්නා දුන්නේ කඩුලු වැනි ඉසව්වලදී අඩු උස කඩුලුවලට මෙන්ම වීසිකිරීමේ අඩු බර උපකරණ භාවිතාවන්ද දක්ෂතමයා තේරීමේදී නොසළකා හරින බවය.
එහෙත් ඉහත තර්කය වැරදි විය.ඊට පෙර වසරේ දක්ෂතම ක්‍රීඩකයා තේරීමේදී එය සැළකිල්ලට ගෙන නැත.මේ වසරේ ගොඩ නඟන තර්කය අනුව සළකන්නේනම් එම සූරතාවය හිමිවන්න තිබූ පුහුණුකරුගේ ක්‍රීඩකයෙකුට ඒ වසරේ එය අහිමි කළ ආකාරයටම,ඒ පුහුණුකරුගේ මේ වසරේ ක්‍රීඩකයාට ද එම ඉරණම ද අත් කර දුන්නේය.


මේ තත්ත්වයට හේතුව ලෙස, ගිය වසරේ වරදක් වූ නිසා මේ වසරේ එය නිවැරදි කළ බව කියන්න නොහැකි කොස්සක් ද පැහැදිළිව දකින්නට ඇත.ඒ බර අඩු උපකරණයකින් වීසි කිරීමේ ඉසව්ව කළ ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා උළෙලේ හොඳම වීසි කරන්නා වීමට මෙවර ද අවසර දෙමින්ය.
දැන් ඉතිරිව තිබෙන්නේ මේ වගකීම ගත් අය තමන්ට රිසි පරිදි ඒ දේවල් තීරණය කරනු විනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලකුණු සටහන ගණන් ගන්නේ නැති බව කීමය.“අපි ස්ර්ලා, අපියි උගන්නන්නෙ,හරියට කරන හැටි උගන්නන්න ඉන්න අපිට වැරදියි කියන එක නොවිය යුතු දෙයක්” ලෙස සිතන සම්ප්‍රදායික ගුරු මානසිකත්වය මත සිටගෙන මේ වරද නිවැරදි කිරීම මදිකමක් සේ සිතා ඔවුන් දිගටම වරදට ජයග්‍රාහීව පවතින්නට දෙන්නේය.
ගුරුවරයා වැරදි දෙයක් කී විට එය වැරදි බව පෙන්වා දුන් විට,ගුටිකන්න,දන ගහන්න සිඳු වූ අත්දැකීම් බොහෝ අයට තිබෙනවා වෙන්නට පුළුවන්ය.දැන් මේ නිවැරදි නොකර ඉදීමේ කාර්යෙන් පෙන්නුම් කරන්නේත් “ගුරු ඊගෝ” එකය.අවාසනාවකට මෙන් මේවා ගුරු වෘත්තීය සමිතිවලට පලක් නැත්තේ ඔවුන් ඉන්නේ ගුරුවරු රැකීම,වරප්‍රසාද දිනා දීම වැනි දේ ට මිස ගුරුවරුන් සිය ඊගෝව මත පිහිටා හිතුණ හිතුණ විදිහට කරන වැරදි නැවත්වීමට නොවේය.යනුවෙන් සිතන නිසා විය යුතුය.වගකීම් සහගත,ගුණගරුක ගුරුවරයෙක් තැනීම ද ගුරු සංගම් සිය වගකීම කර ගන්නේනම් මෙවැනි ගැටළු පැන නොනඟින්නේය.
ඉහත දීර්ඝ විස්තරය පැවසුවේ ඒ අසාධාරණය කළ ක්‍රීඩකයා මෙවර යොවුන් ක්‍රිඩා උළෙලේ ඔවුන් පැවසූ කුඩුලු උස ද තරණය කර වාර්තිවකට දුවා පෙන්වීම නිසාය.එය මේ මොහොතේ ලංකාවේ මීටර් 400 කඩුලු ඉසව්වේ හොඳම දෙවන කාලය ලෙස හැඳින්විය හැකිය.අයෝමාල් අකලංක නම් වූ මේ සුවිශේසී ක්‍රිඩකයා දැන් ඔහුගේ වයසේ මෙම ඉසව්වට ලොව සිව්වැන්නාට සිටින ක්‍රීඩකයාය.අධ්‍යාපන අමාත්‍යංශය, “කලකිරී,ක්‍රීඩාව අත හැර ගියත් කමක් නැහැ” යනුවෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඇගයීම නොඳුන්නේ මේ ක්‍රීඩකයාටය.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලකුණු සටහන සකසා ඇත්තේ විවෘත ඇගයීමකටය.ඔවුන් වයස් පරතරය අනුව උස සහ බර තීරණය කර තිබෙන සම්ප්‍රදාය මිස අවුරුදු 10 ළමෙන් වුව ඉහළම දක්ෂතාවය ලෙස පිළිගන්න ඉහළම උසට පනින කඩුල්ලෙන් පැන දිවිය යුතු බව හෝ ඉහළම බර වීසිකිරීමේ උපකරණවලින් ඒ දේ කළ යුතුය යන්න කියා නැත.වීසිකිරීමේ සහ කඩුලු පැනීමේ උසට පමණක් අඩු වයසකදී ඉහළ දක්ෂතා දැක්වීමට නොහැකි ලෙසත්,ධාවන සහ පැනීම් ඉසව්වලදී ඉහළම දක්ෂතාවය පමණක් අගයන ලෙසටත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් යොමු කර තිබෙන නිර්නායකයන් ප්‍රසිද්ධ කිරීමට මෙම තීරණය පිටුපස සිටින පිරිස් තවමත් නිරහංකාර වී නොමැත.අතට ලැබෙන බලය තමන්ට රිසි පරිදි හැසිරවිය හැකි බව පමණක් පෙන්වීම මොවුන් සිය ගුරුකමේ ගෞරවය සේ සිතන්නේය.
වයස අඩු ක්‍රීඩකයෙක්ට සමාන පරිසරයක දක්ෂතා ඉදිරිපත් කරන්නට නොහැකි වන්නේ ඔහුගේ භෞතික ශරීරයේ නොවැඩීම පදනම් කරගෙනය.ඒ නිසා කඩුලු පැනීම ඉසව්වේදී ජීව විද්‍යාත්මක කරුණු සළකා බලා වයස අනුව පැනිය හැකි උස සළකා කඩුලු සකස් කිරීමත්,වීසි කරන උපකරණවල බර සකස් කිරීමත් කර තිබෙන බව මලල ක්‍රීඩා සංගමයේ සමන් කුමාර ගුණවර්ධනගේ පෙන්වාදීම හෝ මේ පිරිස ගණනකට ගත්තේ නැත.උස වැනි ඉසව්වකදී පනින උස ක්‍රීඩකයාගේ ස්වභාවය අනුව වෙනස් කිරීමේ හැකියාව ඇතත්,කඩුල්ලකින් පැනීමේදී ධාවනයක්ද සිඳුවන නිසා යම් යම් වයස් අනුව පැනිය හැකි පොදු සීමාවක් හඳුන්වා දී ඇත.
මේ තත්ත්වයන් මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ ලේකම් විසින් කරන ලද දේ ද,වරද පිළිගැනීම රටටම උගන්නන පිරිස සිටින අධ්‍යාපන අමාත්‍යංශයට මදිකමක් ලෙස සිතෙන බැවින් වෙනස් කරන්නට ඉදිරිපත් නොවුණා විය හැකිය.වරදක් කළත් එය නිවැරදි නොකර ආරක්ෂා කිරීම එම තීරණවලට මුල් වූ පිරිස සිතන ආකාරයට ඔවුන්ගේ ආත්ම ගෞරවය විය යුතුය.
දැන් යෞවන ක්‍රීඩා උළෙලේදී ඒ ආත්ම ගෞරවය උඩින් ද පැන යමින්, දිනා අයෝමාල් සිඳුකර ඇත්තේ ක්‍රීඩකයින් පමණක් නොව ලංකාවේ අනාගත දක්ෂයන් නිර්මාණය කිරීමේ වගකීම් නොසළකා හරින ලද,තමන්ගේම තියරියකට තමන්ට අවශ්‍යය නැති පිරිස් නොසළකා හැරීමට තියරි හදාගන්න ගුරු ඊගෝව පරාජය කිරීමය.අඩුම තරමේ විරෝධයක් මතු වූ විට එය සිඳු කළ ආකාරය කියන්නට තරම්වත් වගකීමක් නැති,එසේ කීම අවශ්‍යය නැති බවට අහංකාරයක් ඇති ගුරු ඊගෝවට උඩින් පැන දුවා ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා වෙමින් මීටර් 400 කඩුලු ඉසව්ව තත්පර 51.47 දී දිව ගිය අයෝමාල් අකලංකට අපි හදවතින්ම සුබ පතමු!
එසේම ජාත්‍යන්තර මට්ටමේ සිටින මෙවැනි දක්ෂයන්ගේ වයස අනුව දක්ෂයෙක්ද නැද්ද කියන කාරණය තීරණය කරනු විනා ජාත්‍යන්තර ප්‍රමිතිය සළකා නොබලන්නේනම් වැදගත්ම දේ කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩකයින් සඳහා දක්ෂතම ක්‍රීඩකයා වීමට හැකි කඩුල්ල කවරක්ද යන්න චක්‍රලේඛවලට ඇතුළත් කර යැවීමය.එවිට දක්ෂයෙක් එම උසැති කඩුල්ලක වයස නොසළකා තරග කළ යුතු බව කිවහොත් ඔහු දුවන පෙළට එම කඩුල්ල තබා දෙන්නට සිඳුවනු ඇත.අයෝමාල්ට සමස්ත ලංකා ක්‍රීඩා උළෙලේදී එවැනි ගුරු උපදේශයක් ලැබුණේනම් ඔහුට එදාම මේ ගුරු ඊගෝව පරාජය කරන්නට තිබිණ.

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.