උෂ්ණත්වයෙන් රත් වන බ්‍රසීලය!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රසීලය උෂ්ණත්වය – 44.8C (112.6F) වාර්තා කරමින් එහි උණුසුම්ම සමය මේ වන විට පසු කරමින් සිටී. බ්‍රසීලයේ ගිනිකොනදිග ප්‍රාන්තයේ Minas Gerais හි Araçuaí නගරයේදී මෙම උෂ්ණත්ව පරිමාව වාර්තා විය.

එල් නිනෝ සහ දේශගුණික විපර්යාස නිසා පෙර නොවූ විරූ කාලගුණයක් මේ වන විට බ්‍රසීලයේ පවතී. කාලගුණ අනාවැකිකරුවන් පවසන්නේ මෙම සතියේ උණුසුම තරමක් අඩු විය හැකි බවයි.

ජාතික කාලගුණ විද්‍යා ආයතනයට (Inmet) අනුව, ප්‍රාන්ත අගනගර තුනක පමණක් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට ළඟා වනු ඇතැයි CNN බ්‍රසීල් වාර්තා කරයි.

දකුණු අර්ධගෝලයේ ගිම්හානය ආරම්භ වීමට මාසයකට පෙර රට පුරා රතු අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර මිනිසුන් A/C වැනි දෑ භාවිතා කිරීමෙන් බලශක්ති පරිභෝජනය වාර්තාගත මට්ටමෙන් ඉහළ ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...