අයවැය කියන්නේ ඊළඟ වසරේ රටේ ආර්ථික දැක්මට.තේරුමක් නැති කතා නවතා සාධනීය යෝජනා ගේන්න – රත්නප්‍රිය විපක්ෂයට කියයි

Date:

කොළඹ LNW: අයවැය යනු ඊළඟ වසරේ රටේ ආර්ථික දැක්මට වන අතර විපක්ෂය පාර්ලිමේන්තුවේ තේරුමක් නැති කතා නවතා සාධනීය යෝජනා ගෙන එන ලෙස ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා අද (21) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

උදේ හවස තෙල් සහ ගෑස් පෝලිම්වල හිඳිමින් ණය ගෙවා ගත නොහැකිව බංකොලොත්භාවයට පත්වූ රටක් අද වනවිට වර්ෂයක් ඇතුළත වැටුප් වැඩි කළ හැකි රටක් බවට පත් කිරීමට හැකියාව ලැබී ඇති බවයි රත්නප්‍රිය මහතා කියාසිටියේ.

”විශේෂයෙන්ම රටේ ආර්ථික කලාප පහක් අලුතින් නිර්මාණය කරන්න මේ අය-වැය තුළින් පියවර ගෙන තිබෙනවා. හම්බන්තොට, ත්‍රිකුණාමලය,ඉංගිරිය යාපනය, මහනුවර වගේ තැන් වල ඒවා නිර්මාණය කිරීමට යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංස්ථාවක් ඇති කිරීමටත් මෙහිදී යෝජනා වෙනවා. විශේෂයෙන්ම පසුගිය කාල පරිච්ඡේදයේ යහපාලන ආණ්ඩුව විසින් ලබා දුන්නු සුරක්ෂා රක්ෂණාවරණ නැවතත් පාසල් ශිෂ්‍යයන් වෙත ලබා දීමට යෝජනා කර තිබීම පවුලේ දෙමව්පියන්ට ඔවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධව වැදගත් වටිනාකමක් එකතු කරනවා. ඒවගේම සපත්තු දෙකක් ගන්න අල්ලපු වත්තට පැනලා පොල් ගෙඩි දෙකක් හොරකම් කරාට උසාවි දාපු රටක, දැන් ඒ දුප්පත් දරුවන්ගේ සපත්තු දෙකක් ගැනීම වෙනුවෙන් මිලියන 2.5 ක් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම උදෑසන ආහාරය වෙනුවෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ නිසා අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් අයවැයෙන් වෙන් කරලා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 532 ක් වෙන් කරලා තිබෙනවා. සෞඛ්‍යට මිලියන හාරසිය තිස් දෙකක් වෙන් කරලා තිබෙනවා. ඒ අනුව මේ අවුරුද්දේ මිලියන සීයක් එය ඉහළ දමා තිබෙනවා. බංකොලොත් රටක මෙවැනි අය වැයක් ඉදිරිපත් කිරීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් ලෙස සලකන්නට පුළුවන්. ඒ නිසා විපක්ෂය අය වැය ගැන කතා නොකර යෝජනා ඉදිරිපත් නොකර, වෙනත් වෙනත් යෝජනා ක්‍රිකට් වැනි මාතෘකා අරගෙන පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන තත්ත්වයක් දැන් ඇතිවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ උදේ වරුවේ එවැනි තේරුමක් නැති යෝජනා කතා කරලා ඔවුන් කිසිම සාධනීය යෝජනාවක් මේ අයවැය සම්බන්ධව කතා කරන්නේ නැහැ. අයවැය කියන්නේ ඊළඟ වසරේ රටේ ආර්ථික දැක්මයි. යෝජනා තිබෙනවා නම් යෝජනය කරලා වෙනස් කරලා සාධනීය වෙනස්කම් විපක්ෂය විසින් යෝජනා කළ යුතුව තිබෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...