*
Monday, May 6, 2024
spot_img

Latest Posts

හැමෝම ගොඩයන්න දඟලද්දී විපක්ෂය රට වට්ටන්න කටයුතු කළා – නිමල් ලන්සා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ලෝකයම උදව් කරද්දී විපක්ෂය රට වට්ටන්න කටයුතු කළා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා,

වෙනදා ඉදිරිපත් කරන අයවැය ලේඛණයක් විදියට මෙවර අයවැය ලේඛණය අපිට ඕන ඕන විදියට හදන්න බැහැ. රට පසුගිය අවුරුද්දේ බංකොලොත් වුනාම අවුරුදු 4 කට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට එළඹූනා. ඒ මේ ආර්ථිකය ගොඩනැගීමට යම් වැඩසටහනක් වෙනුවෙන්. ඒ අනුව තමා අපිට අයවැය ලේඛණය හදන්න වෙලා තියෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් යෝජනා කර තිබෙන්නේ අපේ ආදයම් වලින් වියදම් පියවගන්න කියාලා. ඒ නිසා මුදල් අච්චු ගහන්න බැහැ. ණය ගන්න සීමාවක් තියෙනවා. ඊට පරිභාහිරව බැහැ. ඒ නිසා යම් වැඩසටහනක් තුළ තමා මේ අයවැය ලේඛණය ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. යම් ආර්ථික සංඛ්‍යාලේඛණ පදනම් කරගෙන, ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් මත දේශපාලන කෝණයෙන් තොරව, දේශපාලන ජන්ද පොරොන්දු නැතිව රටක් විදියට ගන්න ඕන තීරණ පසුගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් අරන් තියෙනවා.

විපක්ෂය මොන මති මතාන්තර කීවත් ගිය අවුරුද්දයි මේ අවුරුද්දෙයි ආර්ථික සංඛ්‍යාලේඛණ සංසන්දනය කරද්දි විශාල පිම්මක් අපිට ඉදිරියට එන්න පුලුවන් වෙලා තියෙනවා. විපක්ෂයේ කවුරුත් මේ ආර්ථික සංඛ්‍යාලේඛණ ගැන කතා කළේ නැහැ. ඒ අය යම් සිල්ලර දේවල් ගැන කතා කළා. පසුගිය අයවැයත්, මේ අයවැයත් බලාපොරොත්තුවුණු ආර්ථික සංඛ්‍යාලේඛණ වර්ධනය කරගන්න පුලුවන් කමක් ලැබිලා තියෙනවා. මීට අවුරුදු එක හමාරකට ඉස්සෙල්ලා මේ රටේ තිබුණු තත්ත්වය ගැන කල්පනා කරලා බලන්න. ඉතාමත් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීලා, මුළු රටම ගිනිගෙන තිබුණා. මිනිස්සු තැනින් තැන මැරිලා වැටුණා. මිහිපිට අපායක් වගේ තිබුනේ. රට සම්පූර්ණයෙන් අරාජික වෙලා පාන් කියාගන්න බැරිව හිටියේ. මේ දේවල් අමතක කරන්න හොඳ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජියා කිව්වා ශ්‍රී ලංකාවේ තත්ත්වය දැක්කම හදවත පිච්චෙනවා කියලා. මහ බැංකු අධිපතිතුමා කීවා රටේ දේශපාලන ස්ථාවරත්වයක් හැදුවේ නැතිනම් සති දෙක තුනක් බලලා යනවා කියවලා කිව්වා. එදා රටේ තිබුණු තත්ත්වය මේකයි.

සමාජය විශාල පීඩනයකට ලක්වෙලා හිටියා. විශාල පීඩනයකට රට පත්වෙලා තිබුණා. අවුරුදු එක හමාරක් යනකොට රට තිබුණු තත්ත්වය අමතක වෙලා තියෙනවා. ජනාධිපතිතුමා මේ රටේ අගමැතිකම භාර ගන්නකොට රුපියල් තිබුනෙ නැහැ. ඩොලර් තිබුනේ නැහැ. බෙහෙත් තිබුනේ නැහැ. පොහොර තිබුනේ නැහැ. කර්මාන්ත ශාලා කඩාගෙන වැටිලා, සෞඛ්‍ය කඩා වැටිලා, ප්‍රවාහනය නැවතිලා, නගර හිස්වෙලා, කඩසාප්පුවල රාක්ක හිස්වෙලා එවැනි තත්ත්වකයි රට තිබුනේ.

වැටිච්ච රට තව වට්ටන්න විපක්ෂය උද්ඝෝෂණය කළා, හර්තාල් කලා, වැඩවර්ජන කලා රට පල්ලයහට දාන්න විශාල වැඩ කොටසක් කළා. රට උඩට ගන්න වැඩ කළේ නැහැ. රට වැටෙද්දි තව තව වට්ටන්න, කටයුතු කළා.

පාසල් වහලා, රාජ්‍ය සේවය සීමා කරලා, සංචිත නැහැ, නැව් වරායේ සල්ලි ගෙවාගන්න බැරිව දවස් ගණන් තිබුනා. ණයවර ලිපි පිළිගන්නේ නැහැ, විදේශ ණය ගෙවීම අත්හිටුවලා රට බංකොලොත් වෙලා තිබුණා. රටේ විශාල සාගතයක් එනවා, පැය 24 ක් විදුලිය කපන්න වෙයි කියලා විපක්ෂය මතයක් ගෙනිච්චා. මේ අවස්ථාවේ බලය ගන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයට ආරාධනා කළා. අද කයිවාරු ගහන විපක්ෂය භාර ගන්නේ නැතිව පැනලා ගියා. තැන් තැන්වල සම්මන්ත්‍රණ තියලා වැටිලා තියෙන ආර්ථිකය ගොඩගන්න බැහැ කියලා කිව්වා. අද ආර්ථිකය ගැන කතා කරන විශේෂඥයෝ එදා විපක්ෂයට පාඩම් ඉගැන්නුවා මේක භාර ගන්න එපා කියලා. “ ලෙස හෙතෙම වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan