බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව රාජ්‍ය පෙරලා දැමීමේ කුමන්ත්‍රණ චෝදනා

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2022 වසරේ බ්‍රසීලයේ පැවති මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික නායක හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ පරාජයට පත් වීමත් සමඟ ඔහු සහ ඔහුගේ හිටපු අමාත්‍යවරුන් සහ සහායකයින් 36 දෙනෙකු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීමට සැළසුම් කිරීම වෙනුවෙන් ෆෙඩරල් පොලිසිය නිල වශයෙන් චෝදනා කර තිබේ.

මෙහිදී හිටපු ජනන්ධිපතිවරයාට අමතරව ඔහුගේ රජයේ හිටපු ආරක්ෂක අමාත්‍ය වෝල්ටර් බ්‍රාගා නෙටෝ, හිටපු ජාතික ආරක්ෂක උපදේශක ඔගස්ටෝ හෙලේනෝ, හිටපු අධිකරණ අමාත්‍ය ඇන්ඩර්සන් ටොරස් සහ බොල්සොනාරෝගේ ලිබරල් පක්ෂයේ ප්‍රධානී වැල්ඩමාර් කොස්ටා නෙටෝ ඇතුළු බොල්සොනාරෝ පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙකුට ද මෙහිදී චෝදනාවන් එල්ල කර තිබේ.

2023 ජනවාරි මාසයේදී ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා බලයට පත් වූ පසු, මැතිවරණ ප්‍රතිඵල ගැන කෝපයට පත් බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස් ගණනක් බ්‍රසීලියා අගනුවර ජනාධිපති මන්දිරයට, කොන්ග්‍රසයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුන අතර මෙම ප්‍රහාරය වසර දෙකකට පෙර, 2021 ජනවාරි 6 වන දින, එවකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් වොෂින්ටන්, ඩීසී හි කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් එක්සත් ජනපදයේ කැරැල්ල හා සමාන බවප්‍රකශ කළ අතර ට්‍රම්ප්ගේ රසිකයෙකු වන බොල්සොනාරෝ කැරලි අවුලුවාලීමට සම්බන්ධ බවට ප්‍රකාශ විය.

එමෙන්ම 2022 වසරේ මැතිවරණයට පෙර බ්‍රසීලයේ විද්‍යුත් ඡන්ද ක්‍රමය පිළිබඳව සැකයක් ඇති කිරීමට බොල්සොනාරෝ සිය බලය අනිසි ලෙස භාවිතා කර ඇති බව පසුගිය වසරේ ජුනි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ 2030 දක්වා ඔහුට රාජ්‍ය තනතුරු ලබා ගැනීම තහනම් කර තිබේ. ඒ අනුව 2026 පැවැත්වෙන ජනාධිපතිවරනයටද ඔහුට පෙනී සිටීමට නොහැකි වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...