එකතු වෙමු ….

Date:

මේක ජයග්‍රහණයක් නම් දෙකක් නෑ තරඟයේ වීරයා අනුර.. ජයග්‍රහණයේ තිරය පසුපසින් හිටපු න්‍යායාචාර්යවරයා ටිල්වින් සහෝදරයා … ඒ වගේම ඒ බලවේගයේ හිටපු හැම කෙනෙක්ම ඒකේ හවුල් කාරයෝ..

ඒ වගේම අනුරට අද මේ ජයග්‍රහණය ගන්ට 1993දී එංගලන්තයේ හිටපු සෝමවංශ සහෝදරයා එක්ක සම්බන්දකම තියාගෙන ‍රට වටේ ඇවිද ඇවිද නැවත පක්ෂය ගොඩනගපු කුමාර් සහෝදරයාටත් මේ ජයග්‍රහණයේ අතීත දායකත්වයේ කොටසක් තියෙනවා.. ඒවගේම ඉතාම අමාරුම කාලෙක පක්ෂෙට දරදිය ඇදපු, පස්සෙ පෙරටු එකට කැඩිලා ගිය සගයනුත් මෙතන්ට එන්ට අතීත දායකත්වය දක්වලා තියෙනවා ..

මම කියන්නේ ජ.වි.පෙ. අද රාජ්‍ය බලය අරගෙන තියෙන මේ වෙලාවේ පෙරටුගාමින් විරෝධී පිලට වැටිලා දෙගොල්ල අතර ලොකු ගැටුමක් නිර්මාණය උනොත් ඒක හරි අවාසනාවන්ත ඉරණමක් වෙයි.. මොකද දෙගොල්ලම මොන දේ කරන්ට ගියත් ගේම අත් හරින්නෙ නැති දැඩිමතධාරී එකම ගුනයක් සහිත කන්ඩායම් දෙකක් නිසා..

අනිත් එක එතෙන්දි ගැටෙන්නේ ලේ බැම්මකටත් වඩා එහාගිය අතීත සහෝදර බැඳීමක් තිබුන පාර්ශව දෙකක්..

වමේ කන්ඩායම් අතර ගැටුම් ඇතිවෙන්නෙ වඩාත් නිවැරදි කුමක්ද යන තර්කය මත පදනම් වෙලා පමණයි.. ඒ හැර ඒ ගැටුම් අබ ඇටේකවත් දේපල ප්‍රශ්නයක් නිසා ඇති උන ඒවා නෙමේ..

මම කියන්නේ දෙගොල්ලට එකතුවෙන්න බැරිනම් මින් ඉදිරියට යම් වාම එකඟතාවයක් ඇතුලේ හරි වැඩකරන්න පුළුවන් නම් ඒක ප්‍රශස්ථ ප්‍රවේශයක් වෙයි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...