සිසුන්ට පීඩනයක් නැති අධ්‍යාපන ක්‍රමයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ (LNW):

පසුගිය කාලය පුරා කමිටු කිහිපයක් හා ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතනික ව්‍යුහයන් හරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධ යෝජනාවලි ඉදිරිපත්ව ඇති බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පසුගිය පස් වසර තුළ අනුගමනය කළ විවිධ ක්‍රියාදාමයන් සමාලෝචනය කිරීමට අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවත්, එහි ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

නමුත්, එම කිසිදු යෝජනාවලියක් ක්‍රියාත්මක තත්ත්වයට පත්වූයේ නොමැති බවද සඳහන් වේ. අදාළ යෝජනා හා ක්‍රියා පිළිවෙත් සමාලෝචනයෙන් පසු වත්මන් රජයේ ප්‍රතිපත්ති සමග ගැලපෙන පරිදි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් කඩිනමින් හඳුන්වා දෙන බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළේ , සිසුන්ට පීඩනයක් ඇති නොවන නූතන රැකියා වෙළෙඳ පොලට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීම වත්මන් රජයේ අරමුණ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...