ශ්‍රමදානෙට අහුවුණා.බිමට සමතලා වුණත් භූමදානය වුණේ නැහැ.දැන් මෙතනින් නැගිටින්න ඕනේ – හරීන්

Date:

කොළඹ LNW: මහ මැතිවරණයෙන් ජනතාව පාඩමක් උගන්වා ඇති අතර දැන් වැටුණු තැනින් නැගිටිය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ශ්‍රමදානයට අහුවුණ අතර බිමටම සමතලා වුණත් භුමදානය නොවුණ බව විශ්වාස කරන බවයි ඔහු සඳහන් කළේ.

”අපිට ජනතාව පාඩමක් උගන්වල තියෙනවා. හැබැයි අපි රට අමාරුවේ වැටුන වෙලාවේ භාරගෙන යමක් කරලා පෙන්වල තියෙනවා. ඒවායේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හොයල බලලා ඒවාට අපි ඉදිරිපත් විය යුතුයි. අපිට ජනතාව පාඩමක් උගන්වල තියෙනවා. අපි දැනගන්න ඕනේ එතනින් කොහොමද නැගිටින්නේ කියල. ඒ නිසා මම කලබල වෙන්නේ නැහැ. කෙළින් ගිහින් මුහුණ දෙන්න ඕනේ. අභියෝග හමුවේ රට වැටෙනකොට අතහැරලා ගියෙත් නැහැ. මේ වගේ අභියෝග එනකොට පැනල දුවන්නෙත් නැහැ. ජන්දෙක්ට ඉදිරිපත් වුණා. බිමටම සමතලා වුණා. භූමදානය වුණේ නැහැ කියල හිතනවා නමුත් ශ්‍රමදානෙට අහුවුණා. අපි දැන් දැනගන්න ඕනේ අපේ වැරදි හදාගෙන ඉස්සරහට එන්න. මම ආණ්ඩුවට සුභ පතනවා. ආණ්ඩුව අලුත් බලාපොරොත්තුවක් දීලා තියෙනවා. අලුත් ඇමතිවරු ඇවිල්ල තියෙනවා. සුද්ධ කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ක්ලීන් කරලා තියෙනවා. මම ආඩම්බර වෙනවා එක දෙයකට. මම අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ හිටියා. ඒකෙන් අවුරුදු 08කට වැඩිය කැබිනට් ඇමතිවරයෙක් විදිහට හිටියා. රටට අමාරු වෙච්ච වෙලාවේ යමක් කරන්න පුළුවන් වුණා. මගේ මිත්‍රයෝ තාමත් විපක්ෂයේ ඉන්නවා. හැමදාම විපක්ෂයේ ඉන්නවා වෙනුවට අඩුම ගානේ රට වැටිච්ච වෙලාවේ යමක් කරලා දීලා මේ වගේ පිගන් හෝදපු මිනිස්සුන්ගේ පිගන් කැඩුනයි කියල බැනුම් අහන්න වෙනවා. දේශපාලන වශයෙන් මම විපක්ෂයේ ඉදගෙන ඉන්නවට වඩා ඒ අවුරු දෙකහමාර තුළ සංචාරකයෝ මිලියන දෙක එන්නේ ඊයේ පෙරේදා නිසා නෙවෙයි. එදා අපි ගත්ත තීන්දු නිසා. අපි කිව්වා අවුරුදු දෙක ඉවර වෙද්දී සංචාරකයෝ මිලියන දෙකක් එනවා කියල. වැරදි තමයි හොයන්නේ හොඳ ගැන බලන්නේ නැහැ කවුරුවත්. මේවා දේශපාලන අත්දැකීම්.” යනුවෙන් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදී.

හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් දක්වා සිටියේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් වන විමර්ශනයට ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...