ගුවනින් සුබ පණිවුඩයක්…

Date:

ශ්‍රී ලංකාවට සංචාර සඳහා ඉල්ලූම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01 වනදා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන බව එමිරේට්ස් සමාගම නිවේදනය කර තිබේ.

මේ අනුව, EK648/EK649 ලෙස අමතර ගුවන් ගමනක් ක‍්‍රියාත්මක කරන අතර ඒ සමඟ මෙම නගර දෙක අතර දෛනික ගුවන් ගමන් සංඛ්‍යාව තුනක් දක්වා වැඩි වන බවත් මෙයට සෘජු ගුවන් ගමන් දෙකක් සහ මාලදිවයිනේ අගනුවර වන මාලේ හරහා ක‍්‍රියාත්මක කරන එක් ගුවන් ගමනක් අයත් වන බව සමාගම පවසයි.

දෙසැම්බර් 16 සිට 30 දක්වා කාලයේ හැර අනිකුත් දින වලදී මෙම අමතර දෛනික ගුවන් ගමන් ඩුබායි සහ කොළඹ අතර සෘජුව ක‍්‍රියාත්මක කරන බව සමාගම සඳහන් කරයි. දෙසැම්බර් 16 සිට 30 දක්වා කාලය තුල මෙම සේවය මාලේ හරහා කොළඹට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා සහ දෙසැම්බර් 31 වනදා සිට 2023 මාර්තු 26 වනදා දක්වා EK648 ගුවන් සේවය පැය 16:10 ට ඩුබායි වෙතින් පිටත්වී පැය 21:55 ට කොළඹට ළඟාවේ. මාලේ හරහා දෙසැම්බර් 16 වනදා සිට 30 වනදා ක‍්‍රියාත්මක වන දිනවල මෙම ගුවන් සේවය පැය 10:30 ට ඩුබායි වෙතින් පිටත්වී පැය 14:45 ට මාලේ වෙත ළඟාවන අතර යළිත් මාලේ සිට පැය 17:15 ට පිටත්වී පැය 19:15 ට කොළඹට ළඟාවනු ඇත.

දෙසැම්බර් 01 වනදා සිට 2023 මාර්තු 26 වනදා දක්වා EK649 ගුවන් සේවය පැය 02:55 ට කොළඹින් පිටත්වී පැය 05:55 ට ඩුබායි වෙත පැමිණෙනු ඇත.

එමිරේට්ස් සමාගම 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළ අතර මේ වසරේ මුල් කාලයේදී කොළඹට ගුවන් ගමන් අරඹා 36 වන වසර සමාගම විසින් සමරන ලදී. ශ‍්‍රී ලංකාවේ සංචාරක සහ වෙළෙඳාම නැවතත් නගා සිටුවීම සඳහා එමිරේට්ස් හි කැපවීම යළිත් සහතික කිරීම වෙනුවෙන් ගුවන් සමාගම 2022 වසරේදී ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

ඉදිරිය සුබ වේවායි ප්‍රාර්ථනා කරමු ….!!!

රෂිකා හෙන්නායක
2022.11.22

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...