බඩඉරිඟු වගාවට බීජ

ජැයිකා ආයතනය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144 ක් අද (22) දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට භාරදීම සිදු කෙරේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සඳහන් කළේ, මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීමේ අරමුණෙන්, අධාරයක් ලෙස එය ලබාදෙන බවයි.

තුංමුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ තනාපති කාර්යාලයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හැනා සිංගර් මහත්මිය, තායිලන්තයේ මෙරට තනාපතිවරයාගේ සහභාගිත්වයෙන් බඩ ඉරිඟු තොග මෙරටට භාරදීමේ කටයුතු සිදු කෙරෙනු ඇත.

අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ, මොණරාගල හා අම්පාර මහවැලි ප්‍රදේශවල ගොවීන්ට මෙම බඩ ඉරිඟු බෙදා හැරීම සිදු කරන බවයි.

ගොවීන් 2900 දෙනෙකු ඒ සඳහා තෝරාගෙන ඇත.

කෙසේ වෙතත් මෙම බඩ ඉරිඟු වගාව පසුගිය කාලයේ ඉතා අඩු ඵලදාවක් පෙන්වූ බෝගයක් බවට පත්ව තිබුණේ බීජ වල තිබූ හිඟයක් හේතුවෙනි . එයින් වක්‍රව තවත් ව්‍යාපාර කීපයකට බලපෑවේය . සත්ව ආහාර නිශ්පාදනයට ප්‍රබලව බලපෑවේය . එමඟින් එම නිශ්පාදනයන්හි මිලද අධික ලෙස ඉහළ ගියේය.

නමුත් නැවතත් මෙම බඩඉරිඟු වගාවන් මෙසේ ව්‍යාප්ත කිරීමෙන් ඒ ආශ්‍රිත කර්මාන්ත සඳහාද සෙතක් සැලසෙනු ඇත.

රෂිකා හෙන්නායක
2022.11.22

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...