විනය භාර ගුරුවරයා 7 වසරේ දරුවාගේ කන පැලෙන්න ගහලා.දැන් සිද්ධිය යටගැසීමේ උත්සහයක්! (VIDEO)

Date:

සෙල්ලකතරගම මහ විදුහලේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුට පාසලේ විනය භාර ගුරුවරයා විසින් පහර දීම හේතුවෙන් රෝගාතුරු වී ඇති එම දරුවා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පසුගිය 16 වැනිදා පාසලේදී එම දරුවා මෙම පහරකෑමට ලක්ව තිබෙන අතර එම සිදුවීමෙන් දරුවාගේ කන සහ ඇස් වලට හානි සිදුව තිබෙන බව සඳහන්.

සිදුවීම සම්බන්ධයෙන් දරුවාගේ මව කතරගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන අතර ඇය අද (22) දින සිය දරුවට මුහුණ දීමට සිදුව තිබෙන අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු ආනාවරණය කළාය.

මව චෝදනා කරන්නේ පොලීසිය සහ පාසැල විසින් මෙම සිදුවීම වසන් කිරීමට දැඩි උත්සහයක් ගනිමින් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන්පළවී තිබෙන මාධ්‍ය වාර්තාවද අසත්‍ය එකක් බව ඇය සඳහන් කළාය.

දරුවා මත් ද්‍රව්‍ය ළඟ තබාගෙන සිට ඇති බවට පාසැල විසින් නගන චෝදනාවද මව ප්‍රතික්ෂේප කරන අතර අදාළ පහර දීම සිදුකළ ගුරුවරයා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දරුවාට එරෙහිව කතරගම පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද සිදුකර තිබෙන බවයි මව පවසන්නේ.

තම දරුව මේ වන විට දැඩි මානසික කඩා වැටීමකට ලක්ව සිටින බවත් පාසල් යාම ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් ඇය කියා සිටියාය.

මීට මාස දෙකකට පමණ පෙර මෙම දරුවා තවත් දරුවෙකුගේ කෑම පාර්සලයක් කෑමට ගෙන තිබෙන බවත් එම සිදුවීමට අදාළ විනය භාර ගුරුවරයා පහර දී තිබෙන බවත් තවදුරටත් මෙලෙස වරින් වර පහර දෙන්නේ එම සිදුවීම පදනම් කරගෙන බවත් මව සඳහන් කරන ලදී.

පසුගිය 16 වැනිදා අදාළ විනය භාර ගුරුවරයා විසින් දරුවාගේ කනට දරුණු ලෙස පහර දී හිස බිත්තියේ හප්පා ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම සිදුවීම යටපත් කිරීමට පාසල සහ ප්‍රදේශයේ ඇතැම් දේශපාලකයින් මැදිහත් වෙමින් සිටින බවද ඇය කියා සිටියාය.

තමන්ට අවශ්‍ය වන්නේ අදාළ ගුරුවරයාට දඬුවම් කරවීම නොව සිය දරුවාට සාධාරණයක් ඉටුකරගැනීම බවද මව පැවසුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් ළමා රක්ෂක අධිකාරියටද පැමිණිලි කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...