දින 46ක අඛණ්ඩ ගැටුම්වලින් පසු ගාසා තීරයට දින හතරක සටන් විරාමයක්!

කොළඹ LNW:කටාරයේ මැදිහත් වීමෙන් ගාසා තීරය සදහා යෝජනා වූ දින හතරක සටන් විරාමයට, ඊශ්‍රායල රජය සිය එකගතාවය ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව අත්අඩංගුවේ රදවා සිටි පලස්තීන සිරකරුවන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට ද ඊශ්‍රායලය එකග වී වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත්, සටන් විරාමය අවසන් වූ පසු, යළි සිය මෙහෙයුම් ගාසා තීරයේ අරඹන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත.

හමාස් සංවිධානය විසින් පසුගිය ඔක්තෝම්බර් 07 වන දා ඊශ්‍රායලයට එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයත් සමග ආරම්භ වූ සටන් හේතුවෙන් මේ වන විට පලස්තීන වැසියන් 14100 දෙනෙකු මියගොස් ඇති අතර, ඊශ්‍රායල වැසියන් ද 1200 ක් මියගොස් තිබේ.

වැඩිම හානිය දරුවන්ට වන අතර මේ වන විට සටන් හේතුවෙන් ඝාතනය වී ඇති දරුවන් ගණන 5500 ඉක්මවා ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...