අධික වර්ෂාව හේතුවෙන් එක්සත් ජනපදයේ දකුණු සහ ඊසානදිග ප්‍රදේශවල ගුවන් ගමන් 4,800 ක් ප්‍රමාදයි!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ දකුණු සහ ඊසානදිග ප්‍රදේශවලට වර්ෂාව සහ තද සුළං බලපෑම හේතුවෙන් , ගුවන් ගමන් 4,800 කට වඩා ප්‍රමාද වී ඇති අතර 70 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (21) රාත්‍රිය වන විට අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද ගුවන් සමාගම් මෙම සතියේ නිවාඩු කාලය තුළ මිලියන 30 කට ආසන්න සංචාරකයින් පිරිසක් අපේක්ෂා කෙරෙන නමුත්, පැවති අයහපත් කාලගුණය හේතුවෙන් චිකාගෝ, ඇට්ලන්ටා, වොෂින්ටන් ඩීසී, ෆිලඩෙල්ෆියා, නිව්යෝර්ක් නගරය සහ උතුරු කැරොලිනාවේ චාලට් හි ප්‍රධාන ගුවන් තොටුපලවලට විශාල ලෙස බලපා ඇති බව සඳහන් වේ.

එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශය පුරා පැතිරුණු වර්ෂාව ජනතාවට දැඩිව බලපානු ඇති බව ජාතික කාලගුණ සේවය (NWS) පැවසීය.

Raindrops on the window of a departing passenger plane with the runway lights blurred in the background

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??