විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යනවා – RDA වෘත්තීය සමිති

Date:

කොළඹ LNW:සාධාරණ විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ පොදු සේවක සංගමයේ සංවිධායක ලේකම් අයි.ඩී.නිහාල් මහතා අවධාරණය කරයි.

අධිවේගී මාර්ග පෞද්ගලික අංශයට විකිණීම,බඳවා ගැනීමේ පටිපාටිය විධිමත්ව සකස්ව නොකිරීම සහ වෛද්‍ය නිවාඩුවලට හිඟ මුදල ගෙවීම ජනවාරි මස සිට නතර කිරීම යන කරුණු මුල්කරගෙන මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් සහ අධිවේගී මාර්ගයේ සියලුම සේවකයින් එනම් 11000ක පමණ පිරිසක් අද සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

පවතින ප්‍රශ්න ගැන සාකච්ජා කිරීමට ඊයේ දින ඇමතිවරයා සාකච්ජාවක් ලබා දී තිබුණද ඇමතිවරයා ඊට නොපැමිණ සාකච්ජාව මඟහැර ගිය බවටයි නිහාල් මහතා පවසන්නේ.

ඒ අනුව අද දින සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක අතර වර්ජනය සාර්ථක බවයි ඔහු සඳහන් කරන්නේ.

අධිවේගී මාර්ගයේ ඇතැම් ස්ථානවල හමුදාව යොදවා මුදල් ගැනීම සිදුකරන බවත් ටිකට් පතක නොමැතිව එලෙස අයකරගනු ලබන මුදල යන්නේ කොහාටද යන ප්‍රශ්නය ද පවතින බව නිඅහල් මහතා කියාසිටියි.

මේ අතර ඉල්ලීම්වලට විසඳුම් නොමැති නම් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හෙට දින සාකච්ජාවක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...