විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යනවා – RDA වෘත්තීය සමිති

Date:

කොළඹ LNW:සාධාරණ විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ පොදු සේවක සංගමයේ සංවිධායක ලේකම් අයි.ඩී.නිහාල් මහතා අවධාරණය කරයි.

අධිවේගී මාර්ග පෞද්ගලික අංශයට විකිණීම,බඳවා ගැනීමේ පටිපාටිය විධිමත්ව සකස්ව නොකිරීම සහ වෛද්‍ය නිවාඩුවලට හිඟ මුදල ගෙවීම ජනවාරි මස සිට නතර කිරීම යන කරුණු මුල්කරගෙන මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් සහ අධිවේගී මාර්ගයේ සියලුම සේවකයින් එනම් 11000ක පමණ පිරිසක් අද සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

පවතින ප්‍රශ්න ගැන සාකච්ජා කිරීමට ඊයේ දින ඇමතිවරයා සාකච්ජාවක් ලබා දී තිබුණද ඇමතිවරයා ඊට නොපැමිණ සාකච්ජාව මඟහැර ගිය බවටයි නිහාල් මහතා පවසන්නේ.

ඒ අනුව අද දින සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක අතර වර්ජනය සාර්ථක බවයි ඔහු සඳහන් කරන්නේ.

අධිවේගී මාර්ගයේ ඇතැම් ස්ථානවල හමුදාව යොදවා මුදල් ගැනීම සිදුකරන බවත් ටිකට් පතක නොමැතිව එලෙස අයකරගනු ලබන මුදල යන්නේ කොහාටද යන ප්‍රශ්නය ද පවතින බව නිඅහල් මහතා කියාසිටියි.

මේ අතර ඉල්ලීම්වලට විසඳුම් නොමැති නම් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හෙට දින සාකච්ජාවක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...