හය හත් ගුණයකින් මිල ඉහළ දමා රෝගීන් ගසා කන පුද්ගලික රෝහල් රසායනාගාර මාෆියාව එළියට..

Date:

සියයට 680කට වඩා වැඩි අගයකින් මිල ඉහළ නංවමින් රසායනාගාර පරීක්ෂණ ක්‍රියාත්මක කරන පුද්ගලික රසායනාගාර පිළිබඳ කරුණු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බව අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමනය කිරීමේ ක්‍රියාවලියේ කාර්ය සාධනය ඇගයීම සම්බන්ධයෙන් 2024 ජුලි මස දහවෙනි දින ජාතික විගණන කාර්යාලයේ නිකුත් කළ විශේෂ විගණන විමසුමකින්.

ඇතැම් රසායනාගාර රුපියල් 100 ක මුදලකට සිදුකරන UFR පරීක්ෂණයක් සිදු කිරීමට තවත් පර්යේෂණාගාර රුපියල් 680ක මුදලක් අය කරන බවයි මෙහිදී හෙළිව ඇත්තේ.

මේ අයුරින් ප්‍රධාන වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් සඳහා රෝගී ජනතාව සුරාකමින් මුදල් අය කර ගැනීමේ තත්ත්වයන් පිළිබඳ කරුණු රැසක් හෙළිව තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පුද්ගලික රෝහල් සහ රසායනාකාර නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක කර ඇති පුද්ගලික රෝහල් නියාමන කමිටුවද මෙම ගාස්තු අය කිරීම සාධාරණීකරණය කර තිබීමයි.

පවතින සාමාන්‍ය මිල අය කිරීම් වලට වඩා ඉහළ අගයක් රසායනාගාරවලට රෝගීන්ගෙන් අය කර ගත හැකි ලෙස මිල සූත්‍ර හඳුන්වාදීමට ද මෙම නියාමන කමිටුව විසින් කටයුතු කර ඇති බව හෙළිව තිබෙනවා.

මෙම කමිටුවේ නියෝජිතයන්ගෙන් සැලකිය යුතු පිරිසක් පුද්ගලික රසායනාගාර සහ රෝහල්වල හිමිකරුවන්ම බවයි හෙළිවන්නේ.

පුද්ගලික රෝහල් සහ රසායනාකරලා ලියාපදිංචි කිරීම, පුද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සම්බන්ධයෙන් ජනතාවගේ ලැබෙන පැමිණිලි විභාග කිරීම, ඖෂධ මිල ගණන් තීරණය කිරීම ආදි කටයුතුවලදී ද රෝගී ජනතාවට අසාධාරණ වන අයුරින් ක්‍රියා කර ඇති බවට මෙම විගණන විමසුම හරහා හෙළිව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...