බංගලාදේශ – ශ්‍රී ලංකා 17 න් පහළ ගැටුම් සියල්ල ගාල්ලට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 23,(LNW) කොළඹ :

මේ සමඟ වන ඡායාරූපයේ සිටින්නේ ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමඟ එක්දින තරග 3 ට සහ තෙදින තරග දෙකකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංගලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායමයි.දෙපිළ අතර එක්දින තරග තුන නොවැම්බර් 24,26 සහ 28 යන දිනවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.තෙචින තරග දෙකත් ගාල්ලේදීම ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර ඇති අතර ඉන් පළමුවැනි තරගය දෙසැම්බර් 1 දි සිට 3 වන දා දක්වාත්,දෙවන තෙදින තරගය දෙසැම්බර් 6 වන දා සිට 8 වන දා දක්වාත් පැවත්වීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ නායකත්වය කොළඹ ආනන්ද විද්‍යාලයේ කිත්ම විදානපතිරණට හිමි වී ඇත.උප නායකත්වය දරන්නේ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සෙනුජ වැකුණගොඩය.


තරගාවලිය සඳහා නම් කර තිබෙන 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සංයුතිය පහතින් දක්වා ඇත.
රෙහාන් පීරිස් – කොළඹ රාජකීය විද්‍යාලය
දුල්සිත් දර්ශන – මහින්ද විද්‍යාලය, ගාල්ල
ජනිදු රණසිංහ – ඩී.එස්.සේනානායක, කොළඹ
සෙනුජ වැකුණගොඩ – ශාන්ත ජෝශප් විද්‍යාලය, මරදාන
කිත්ම විතානපතිරණ – ආනන්ද විද්‍යාලය, මරදාන
ජේසන් ප්‍රනාන්දු (විකට් රකින්නා) – කොළඹ ශාන්ත පීතර විද්‍යාලය
ජෝෂුවා සෙබස්තියන් – කොළඹ ශාන්ත පීතර විද්‍යාලය
සෙත්මික සෙනෙවිරත්න – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
චලන දිනෙත් – රාජකීය විද්‍යාලය, පානදුර
රජිත් නවෝද්‍යා (විකට් රකින්නා) – මලියදේව, කුරුණෑගල
V. ආකාෂ් – හාට්ලි විද්‍යාලය, යාපනය
කැනුල පිහිලිඅංග – කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර
රයන් ග්‍රෙගරි – ශාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර
රසිත් නිම්සර – ලයිසියම් ඉන්ටර්නැෂනල්, වත්තල
ඔසඳ පමුදිත – නාලන්දා විද්‍යාලය, මරදාන

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...