බංගලාදේශ – ශ්‍රී ලංකා 17 න් පහළ ගැටුම් සියල්ල ගාල්ලට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 23,(LNW) කොළඹ :

මේ සමඟ වන ඡායාරූපයේ සිටින්නේ ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමඟ එක්දින තරග 3 ට සහ තෙදින තරග දෙකකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංගලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායමයි.දෙපිළ අතර එක්දින තරග තුන නොවැම්බර් 24,26 සහ 28 යන දිනවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.තෙචින තරග දෙකත් ගාල්ලේදීම ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර ඇති අතර ඉන් පළමුවැනි තරගය දෙසැම්බර් 1 දි සිට 3 වන දා දක්වාත්,දෙවන තෙදින තරගය දෙසැම්බර් 6 වන දා සිට 8 වන දා දක්වාත් පැවත්වීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ නායකත්වය කොළඹ ආනන්ද විද්‍යාලයේ කිත්ම විදානපතිරණට හිමි වී ඇත.උප නායකත්වය දරන්නේ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සෙනුජ වැකුණගොඩය.


තරගාවලිය සඳහා නම් කර තිබෙන 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සංයුතිය පහතින් දක්වා ඇත.
රෙහාන් පීරිස් – කොළඹ රාජකීය විද්‍යාලය
දුල්සිත් දර්ශන – මහින්ද විද්‍යාලය, ගාල්ල
ජනිදු රණසිංහ – ඩී.එස්.සේනානායක, කොළඹ
සෙනුජ වැකුණගොඩ – ශාන්ත ජෝශප් විද්‍යාලය, මරදාන
කිත්ම විතානපතිරණ – ආනන්ද විද්‍යාලය, මරදාන
ජේසන් ප්‍රනාන්දු (විකට් රකින්නා) – කොළඹ ශාන්ත පීතර විද්‍යාලය
ජෝෂුවා සෙබස්තියන් – කොළඹ ශාන්ත පීතර විද්‍යාලය
සෙත්මික සෙනෙවිරත්න – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
චලන දිනෙත් – රාජකීය විද්‍යාලය, පානදුර
රජිත් නවෝද්‍යා (විකට් රකින්නා) – මලියදේව, කුරුණෑගල
V. ආකාෂ් – හාට්ලි විද්‍යාලය, යාපනය
කැනුල පිහිලිඅංග – කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර
රයන් ග්‍රෙගරි – ශාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර
රසිත් නිම්සර – ලයිසියම් ඉන්ටර්නැෂනල්, වත්තල
ඔසඳ පමුදිත – නාලන්දා විද්‍යාලය, මරදාන

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...