නිධන් වදුළු කියන්නේ ඇත්තක්ද?

Date:

කොළඹ LNW:නිධන් වදුළු ඇතුලු 18 වන සියවසෙන් පසුව රචනා වූ පුස්කොල ලේඛන පාදක කර ගනිමින් නිධන් සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජය තුළ නිර්මාණය වී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දක්වා දිවයින පුරා කරන ලද කැණීම්වලදී නිධන් වදුලුවල සඳහන් පරිදි මහා අනර්ඝ සම්පත් හෝ මූල්‍ය වටිනාකම් සහිත සම්පත් හමුවී නොමැති බව ද ඒ මහතා පැවසුවේය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම අධිවේගී මාර්ගයට යාබදව වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකරන නිධන් කැණිම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා අද (23) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදීය.

වඳුරඹ කළ කැණීම්වලදී හමුවූ විශාල කළුගල කඩා පරීක්ෂා කළත් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් කිසිවක් හමුනොවුණු බව ඒ මහතා කීවේය. විවිධ පාර්ශවයන් අනවසර කැණීම් කිරීම නිසා කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වී ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වස්තූන් හමුවී නොමැති බවට අවස්ථා කිහිපයකදී වාර්තා කොට ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම ස්ථානයේ ස්වාභාවිකව නිර්මාණය වූ ලෝහ සම්බන්ධයෙන් වාර්තා වන බව ද ඒ මහතා පැවසුවේය.

පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත වස්තූන් රැසක් විවධ ප්‍රදේශවලින් හමුවී ඇති නමුත් ඒවා මිල කළ හැකි දෑ නොවන නමුත් පුරාවිද්‍යාත්මක වශයෙන් මිල කළ නොහැකි වස්තූන් වන බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...