පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW:

දසුන් ශානක පළමු තරගය නිමාවේදී කී අරමුණ ජයග්‍රහණය ගැන පමණක් නොව ක්‍රිකට් ගැන ද නැති බව පෙන්වමින් පකිස්තානයේ පැවත්වෙන තුන්කොන් තරගාවලියේ දෙවන තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වූ තරම්ම පහළ මට්ටමකින් පකිස්තානයට ද පරාජය විය.සනත් ජයසූරිය සහ තේරිම් කමිටුව මේ මොහොතේ හැසිරෙන්නේ එස්.බී.දිසානායකගේ ජනප්‍රිය හාස්‍යය දනවන කතාවක් වූ ‘කියන්නෙම නැහැ‘ කතාව ආකාරයෙන්ය.ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන හිස්තැන්වල පවන් රත්නායක පැහැදිළිව සිටියත් ඔවුන් ඔහු කණ්ඩායමට දමන්නේම නැහැ යන තැන සිටින බව පැහැදිළිය.


සාමාන්‍යයෙන් පැතුම් නිශ්ශංක සහ කුසල් මෙණ්ඩිස් ප්‍රතිශතාත්මකව මෑත කාලයේ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස යහපත්ය.එහෙත් අසාර්ථකවීම මත ඊයේ කුසල් වෙනුවට කමිල් මිෂාර ආරම්භක පිතිකරුගේ ස්ථානයට කැඳවා තිබිණ.මිෂාර පන්දු 12 න් ලකුණු 22 ක් ලබා ඊයේ කණ්ඩායමේ සමස්ත පිතිකරණය සළකා බලන විට ඊට සාපේක්ෂව හොඳම දායකත්වයක් ලබා දුන්නේය.
කමිඳු මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනීයම පිතිකරුවා විය.එහෙත් ඔහු සියළු තරග ආකෘත් සඳහා යොදා ගැනීමේදී එය ඔහුගේ පෞද්ගලික හැකියාවන්වලට බාධාවක් විය හැකි බව අපි පෙන්වා දුන්නෙමු.මේ ඔහු ගත කරන්නේ ඒ පෙන්වා දුන් අවධානමෙන් ලද පසුබැස්ම සමඟය.එවැනි මොහොතක එම හිස්තැනට මේ කණ්ඩායම් සංයුතිය සතුව සිටින පිතිකරුවා පවන් රත්නායකය.තේරීම් කමිටුව සහ පුහුණුකරු ඔහු සංචිතය කැඳවූයේම ඒ අදහසින් විය යුතුය.එහෙත් අවස්ථාවක් දෙන්නෙම නැහැ කියන තැන සිට පවන් එළියෙන් රැඳවීය.
සනත් ජයසූරිය මීට පෙර තේරිම් කමිටු සභාපතිව සිටියදී අලුත් තේරීම් සිඳු කළේය.ඔහු නායකත්වයට පත්ව භාර ගත්තේද විශාල නවකයින් රැසක් පිරි කණ්ඩායමක්ය.ඔහු එය ජයග්‍රාහී මාවතේ රැඟෙන ගිය බව අලුත්වීම් වැඩිවන විට ප්‍රශ්න කරන තැන උදාහරණ ලෙස පෙන්නා දුන්නේය.සමහර අවස්ථාවල එම පීඩනයෙන් පරාජය පැමිණෙන විට නායකයන් මෙන්ම පුහුණුකරුවන් ද අපහසුවට දෝශාරෝපණවයට ලක් විය.


මේ මොහොතේ සිඳුවන්නේ ද එයමය.දැන් පරාජයේ වැඩි වගකීමක් දරමින් දෝශ දර්ශනයට ලක්වන නායකයා සහ පුහුණුකරුවා යන දෙදෙනාගෙන් එකෙකු වී ඇත්තේ සනත්ය.සනත් ම කණ්ඩායම සම්බන්ධයෙන් වගකීම් නොදරන කාලයන් හී මේ ආකාරයටම පරිපාලනය දෙසට ප්‍රහාර එල්ල කළේය.දැන් යම් ආකාරයකට සනත් අසමත් වී ඇත්තේ දේශිය ක්‍රිකට් දක්ෂයන් සිටියදී විදේශ පුහුණුකරුවන් ගෙන ඒම පලක් නොවන බව කී අර්ජුන ද අසමත් කරමින්ය.අර්ජුන කී දක්ෂයන් අතර සනත් ද සිටි අතර අර්ජුනගේ නායකත්වයෙන් ගෙනා ලෝක කුසලානයේදී දක්ෂතා ප්‍රවර්ධනය කරමින් විශ්වසනීය තත්ත්වය ගොඩ නඟන්නට කටයුතු කළ ඩේව් වට්මෝර් පුහුණුකරුවෙකු ලෙස කළ කාර්යභාරය සුළු නැත.අර්ජුන කොතරම් වැසුවත් එහි සුවද පිටතට හැමීම වළක්වන්නටද නොහැකිය.


මේ සියල්ල තරගයේ තොරතුරු පසෙක තබා කතා කරන්නට සිඳු වන්නේ තරගයේ පරාජය තුළින් පෙනෙන්නේ අසාධ්‍යම තත්ත්වයකට ක්‍රීඩක දක්ෂතා ගිලිහී ඇති බවය.විචාරයට හසුවන දුර්වලතා වෙනස් නොකර තබා ගන්නේ කොයියම් මොහොතක හෝ සැළකිය හැකි දක්ෂතාවයක් විරෝධයට ලක්වන ක්‍රීඩකයෙකු දැක්වුවහොත් එයින් විලි වසා ගන්නටය.
ලංකාවේ ක්‍රීඩාව විසිර පැතිර ඇත.දක්ෂයන් මතුවන තරමට පොහොර වටේටම ඉසෙමින් ඇත.එහෙත් සමස්ත පලදාව දෙස නොබලා එකම කොටුවක පලදාව පමණක් පෝෂණය පිරි බව කියමින් ද ගිල්වන්නට සළස්වන කම්මැලි තේරීම් වගාවෙන් ප්‍රෙයා්ජන ගන්නා බවක් පෙනෙන්නේ නැත.වගාව පාළුවට ගොස් නැතත් පාළුයි මෙන් පෙනෙන්නේ ඒ නිසාය.
තරගය ගැන විස්තර පන්දුවෙන් පන්දුව කියන්නට යාම පලක් නැත.පහතින් දක්වා ඇත්තේ තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකි මඟක්ය.
https://bit.ly/480BIzm

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු...

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ජාතික ඖෂධ...

නරේන්ද්‍ර මොදිගේ නව කම්කරු නීති වලට වෘත්තීය සමිති විරුද්ධ වේ; රට පුරා විරෝධතා කැඳවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නරේන්ද්‍ර මොදීගේ...