පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට එරෙහිව නඩුව කැඳවීමට දින නියම වෙයි – නවුෆර් මවුලවිත් අද උසාවි ගෙන එයි

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොණුකර ඇති නඩුව යළිකැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

ඒ අනුව එම නඩුව යළි කැඳවීම ජනවාරි 12 වැනිදාට නියම කර ඇත.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුව අද (23) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම නියෝගය අර ඇත්තේ.

මෙහිදී නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳව තවදුරටත් සෑහීමකට පත් නොවන බවයි මෙහි වින්දිත පාර්ශවයක් වන කතෝලික සභාව ප්‍රකාශ කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 23) සවස් කාලයේ සිට...

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...