පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට එරෙහිව නඩුව කැඳවීමට දින නියම වෙයි – නවුෆර් මවුලවිත් අද උසාවි ගෙන එයි

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොණුකර ඇති නඩුව යළිකැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

ඒ අනුව එම නඩුව යළි කැඳවීම ජනවාරි 12 වැනිදාට නියම කර ඇත.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුව අද (23) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම නියෝගය අර ඇත්තේ.

මෙහිදී නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳව තවදුරටත් සෑහීමකට පත් නොවන බවයි මෙහි වින්දිත පාර්ශවයක් වන කතෝලික සභාව ප්‍රකාශ කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...