2027 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා රජයේ වියදම් නිසි ලෙස සැලසුම් කළ යුතුයි: ජනාධිපති ලේකම්

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW:

2027 වසර සඳහා රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් රාජ්‍ය වියදම් ඵලදායී ලෙස සැලසුම් කිරීම සහ කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා පවසයි.

සංවර්ධන ව්‍යාපෘති සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීම පිළිබඳව අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෑතකදී කොළඹ පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන සාර්ව ආර්ථික තත්ත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අයවැය වෙන් කිරීම්, රජයේ ආදායම් හා වියදම්, රාජ්‍ය ණය කළමනාකරණය මෙන්ම 2027 වසර සඳහා වන අයවැය සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙම වැඩමුළුවේදී අවධානය යොමු කෙරිණි.

ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගනිමින් රටේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා, සීමිත රාජ්‍ය මූල්‍ය සම්පත් නිවැරදි ප්‍රමුඛතා මත පදනම්ව වෙන් කිරීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් නීති පොතේ සිදු වූ දැවැන්ත වෙනස!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: පරම්පරා ගණනාවක් පුරා, ක්‍රිකට්...

ඉඩම්, වාහන මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න : ලක්ෂ 05ට වැඩි අත්පිට මුදල් ගනුදෙනු ගැන IRD රතු එළියක් !

අනුමත බැංකු සහ විද්‍යුත් ගෙවීම් පද්ධතියෙන් බැහැරව රුපියල් ලක්ෂ...

ඔක්තෝබර් ජාතික උද්ධමනය 8.5% දක්වා ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ඔක්තෝබර් මාසයේදී මෙරට ජාතික උද්ධමනය...

යුද්ධය නිසා “විෂ සහිත මුඩු බිමක්” වූ ගාසාව – පරිසරයෙන් 99%ක් විෂෙන් පිරී යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කර තිබෙන ජන සංහාරක...