අමාත්‍යංශය,ශ්‍රී ලංකා ක්‍රිකට් සහ යුපුන් අතර ඩොලර් ලක්ෂයක බැදීමක්

Date:

වසර දෙකක දී සම්පූර්ණ වන ආකාරයට ඩොලර් ලක්ෂයක අනුග්‍රහයක් සඳහා ක්‍රීඩා අමාත්‍යංශය,ශ්‍රී ලංකා ක්‍රිකට් සහ කෙටි දුර ධාවන සූර යුපුන් අබේකෝන් අතර ත්‍රෛයිපාර්ශවික ගිවිසුමක් අත්සන් කරන්නට යෙදිණ.ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ උපදෙස් පිට සිඳුවූ මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා, ධාවන ශූර යුපුන් අබේකෝන් මහතා සහ ඔහුගේ කළමණාකාර සංජය ගන්ලත් මහතා හා ඔහුගේ නීතීඥ රුවිනි සිල්වා මහත්මිය සහභාගී විය.

ඔහුගේ කුසලතා සංවර්ධනය කර ගැනීමට සහ ක්‍රීඩා ජීවිතයේ අනාගත ආයෝජනයක් ලෙස මෙම ඩොලර් ලක්ෂයක මූල්‍ය දායකත්වය ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව ලබා දෙන අතර විශේෂයෙන්ම මලල ක්‍රීඩාව තුළ ඔහුගේ දක්ෂතා සංවර්ධනය කරගෙන, එමගින් ශ්‍රී ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් හිමිකර ගැනීම මෙහි අරමුණයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...