වෛද්‍ය චමල් සංජීවගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

Date:

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යංශයේ ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 100ක වන්දියක් ඉල්ලා, වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමා මන්දපෝෂණය ඉහළ යා හැකි බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් පාදක කර ගනිමින් තමන්ගේ වැඩ තහනම් කළ බවයි.

තමන් වැඩ තහනමට ලක්කිරීමට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ ලිපි මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නිගමනය කරන නියෝගයක් නිකුත් කරන ලෙසට ද නීතීඥ ප්‍රවීන් ප්‍රේමතිලක මහතා මගින් ගොනු කළ එම පෙත්සම මගින් වෛද්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පසුගිය සැප්තැම්බර් 19 වැනිදා හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී තමන් එම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ ඒ පිළිබදව නිසි අධ්‍යනයක් සිදුකිරීමෙන් අනතුරුව බවත්, රටේ පිළිගත් වෘත්තිය සමිති ව්‍යාපාරයක නායකයෙකු මෙන් ම පුරවැසියෙකු ලෙස තමන් සතු භාෂණයේ අයිතිය ආයතන සංග්‍රහයකින් සීමා කළ නොහැකි බවත් පෙත්සම්කාර වෛද්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එබැවින් වහාම තමාගේ අධ්‍යාපන සුදුසුකම්වලට ගැලපෙන තනතුරක තමාව පිහිටුවීමට බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට ද හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එකී වන්දි මුදල ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරියෙකු රජයෙන් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් ඉල්ලා ඇති ඉහළම වන්දි මුදල ලෙස සැලකෙයි.

රටපුරා බොහෝ රාජ්‍ය නිලධාරීන් නිහඬව සිටියදී රටේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් පෙත්සම්කාර වෛද්‍යවරයා කළ එම හෙළිදරව්වෙන් පසුව රජය දීපව්‍යාප්ත වශයෙන් මන්දපෝෂණය මැඩපැවැත්වීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක විය.

2023 අයවැය යෝජනාවලියෙන් ද ඒ සඳහා රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් වෙන් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට අමතරව තවත් පුද්ගලයින් 22 කි.

මේ වනවිටත් වර්තමානයේ රට තුළ අසීමිත දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් විශාල සංඛ්‍යාවක් ඇති අතර එය සමාජය තුළ තවමත් සැඟවී ඇති බවක් පෙනී යයි. එයින් සිදුවන්නේ දිනෙන් දින දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍යය තත්ත්වය පිරිහීමයි. එය ඉතාමත් කණගාටුදායක බව කිව යුතුය.

රෂිකා හෙන්නායක
2022.11.23

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...