මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152 ක හිඟයක් ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශය පිළිගනී

Date:

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152 ක හිඟයක් තවමත් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අනාවරණය කළේය.

මාධ්‍ය වැඩසටහනට එක්වෙමින් අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කල්ගතවීම ඖෂධ හිඟයට හේතුවක් වී ඇති බවය.

ප්‍රශ්නය – දැන් තත්ත්වය ගත්තොත් ඇඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාරය වැඩ කරන්නේ නැහැ කියලා එයාලා චෝදනාවක් එල්ල කරනවා. ඔවුන්ට අවශ්‍ය කරන උපකරණ හා අනෙකුත් දේවල් නැතිවෙලා තියෙනවා. ඒ වගේම කොළඹ ජාතික රෝහලේ හදවත් ඒකකයත් වැඩ කරන්නේ නැහැ. මෙහෙම ගියාම ජනතාවට බෙහෙත් ගන්න ගිහිල්ලා වැඩක් නැති තත්ත්වයක් ඇතිවෙනවානේ රජයේ රෝහලකට ?

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ, අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා,

“ඇත්ත වශයෙන්ම අපි පිළිගන්නවා මේ වෙනවිට අපිට ඖෂධ 152ක හිඟයක් තියෙනවා ලංකාවේ. මේ ඖෂධ මිලදී ගැනීමට අපි භාවිත කරන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය. අපිට අනිවාර්යයෙන්ම මහ භාණ්ඩාගාරයේ අනුමැතිය වගේම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ අනුමැතිය ගන්න ඕනේ. මේ ක්‍රියාපටිපාටිය ඉතාම දිගයි. ඒක නිසා අපේ සමහර පෞද්ගලික සැපයුම්කරුවනුත් මේ ක්‍රමයට යන්න කැමති නෑ. මොකද මේ ණය යෝජනා ක්‍රමය තුළින් අපි මාස දෙක තුනක් ඇතුළත අපි බලාපොරොත්තු වුණා අපේ ඖෂධ හිඟය සපුරාගන්න පුළුවන් වෙයි කියලා. ඒක සාර්ථක වුණේ නෑ. ඒ වගේම ADB බැංකු ඩොලර් මිලියන 66.6ක්. ඒකෙත් ක්‍රියාපටිපාටිය දීර්ඝයි. හැබැයි ලෝක බැංකුවේ ණය යෝජනා ක්‍රමය යටතේ අපිට ඩොලර් මිලියන 23ක් ලැබුණා. එයින් මේ වනවිට සියලුම බෙහෙත් වර්ග දෙකක් ඇරෙන්න අපිට ලැබිලා තියෙනවා. අපි මේ ගැටලුව තුළ අපි ඖෂධ ඇනවුම් කරලා තියෙනවා වසර 2කට ප්‍රමාණවත් තරම්. ඩීසල් පෙට්‍රල් ගේන්න වගේම ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි අපිට.”

ප්‍රශ්නය – ජාතික රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර 5න් වැඩ එකයි.ඇඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාර දෙකක වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙලා තියෙනවා.ඒක හින්දා අනිත් ඒවා නැවතිලා..ඇයි මේ පොඩි දේවල්වත් කරන්න විදියක් නැතිවෙලා තියෙන්නේ ?

“මහනුවර රෝහලෙත් තවත් රෝහල් කිහිපයකත් අපිට A/C යන්ත්‍ර කැඩිලා තියෙනවා. නමුත් ඒ සැපයුම්කරුවන් ට මුදල් ගෙවන්න තියෙනවා. ඒවා ලබාදෙන්නේ නැති නිසා ඒ අය හැමවෙලාවේම අර වගේ ගැටලුවක් ආවහම ඩිමාන්ඩ් කරනවා. ඒ ගෙවීම නිසා තමයි මේ ප්‍රමාදය තියෙන්නේ. සමහර බැංකුවලිනුත් අපිට සෞඛ්‍යට ද සල්ලි දෙන්නේ නෑ. අපි දන්නේ නෑ සෞඛ්‍ය කවදා සල්ලි හම්බෙයිද කියලා. ඒ නිසා සැපයුම්කරුවන්ගේ හිඟ මුදල් ගෙවලා ඉවර වුණොත් මේ ගැටලුව ඉක්මනින් නිරාකරණය කරන්න පුළුවන්.”

ලෙස සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ, අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කර සිටී.

රෂිකා හෙන්නායක
2022.11.23

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...