ජනාධිපති රනිල්ගෙන් විපක්ෂ නායකට පිළිතුරු!

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්විය.

එහිදී රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කළේය.

විපක්ෂ නායක තුමා කිව්වා පාඩු ලබන ඒවා විකුණන්න. ලාභ ලබන ඒවා විකුණන්න එපා.. කුණු කොල්ලයට කියලා. මේ රටේ පුද්ගලීකරණය කරන එක පටන් ගත්තේ ඉතින් ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ. මමයි ඒක ආරම්භ කළේ.. කර්මාන්ත ඇමති හැටියට.

අපි පළමුවෙන්ම විකුණුවේ යුනයිටඩ් මෝටස්. ලාභ ලබන ආයතනයක්. දෙවනුව සිලෝන් ඔක්සිජන්. ලෙදර් කෝපරේෂන්. ටයර් කෝපරේෂන්. ලංකා මිල්ක් ෆුඩ්. මේ ඔක්කොම ලාඵ ලබපු ඒවා. ඊළඟට වැවිලි සමාගම්.

77 ජයවර්ධන මැතිතුමා ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස 89 ඊළඟ පියවර ගත්තා. ඒ තමයි රජයේ පාලනය ඉවත් කරන්න. සමහර අංශ පුද්ගලික අංශයට භාර දෙන්න. මේක අපි උදාහරණයක් කරගත්තේ චීනයෙන්. දැනුත් බලන්නේ ඒක කරන්න. අපි බැලුවේ ලාභ ලබන ඒවා කරන්න.

ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. අද එතුමගේ සහයෝගයට විපක්ෂ නායකතුමත් කියනවා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා.

යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සභාව අමතමින් කියා සිටියේය .

රෂිකා හෙන්නායක
2022.11.23

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...