පාසල් ආශ්‍රිත ආපදා අවම කර ගැනීම සඳහා තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
පාසල් ආශ්‍රිතව සිදුවන ආපදා අවම කර ගැනීම සඳහා කඩිනම් තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කොට තිබේ.

පාසල් වසා දැමීම, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පංති කාමර වෙනස් කිරීම හා එක් එක් අංශ වසා දැමීම හෝ විවෘත කිරීම වැනි තීරණ ගැනීමේ හැකියාව ඒ අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවරේ.

ආණ්ඩුකාරවරයා මෙම තීරණයට එළැඹ ඇත්තේ පාසල් ආශ්‍රිතව ආපදා තත්ත්වයක් ඇති වුවහොත් පවතින ධූරාවලි ක්‍රමවේදය යටතේ කටයුතු කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වලක්වා ගැනීමේ අරමුණින්ය.

මේ වන විටත් මධ්‍යම පළාතේ පාසල් රැසක් ආපදා තත්ත්වයන්ට හසුවී ඇති අතර ඇතැම් පාසල් ඊයේ (21) හා අද යන දිනයන්හී වසා දැම්මට ද අධ්‍යාපන බලධාරීන් කටයුතු යොදා තිබිණි.

නව තීරණය අද සිට ක්‍රියාත්මක වන අතර අවදානම් තත්ත්වය පසුවන තෙක් එම තීරණ ගැනීමේ බලය ලබාදීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරී තිබේ.

ඡායාරූප – ආපදා හේතුවෙන් හානි වූ වත්තේගම බාලිකා විද්‍යාලීය ප්‍රාථමික අංශය පිළිසකර කිරීමට යුද හමුදා සෙබළුන් එක්ව සිටින අයුරු

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...