අධික වැසි හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ජලාශ රැසක් වාන් මට්ටමට ආසන්නයේ.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වාන් මට්ටමේ පවතින බැවින් ස්වයංක්‍රීය වාන් දොරටු විවෘතවීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

මධ්‍යම කඳුකරය හා ඉහළ ජල පෝෂක කලාපයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් වික්ටෝරියා හා පොල්ගොල්ල ජලාශ මේ වන විට වාන් මට්ටමමේ පසුවේ.

කියුබික් ඝන මීටර් මිලියන 170ක ධාරිතාවයෙන් යුතු කොත්මලේ ජලාශය සිය උපරිම ජල ධාරිතාවට ළගා වී ඇති අතර එය ඉදිරි පැය 24ක කාලය තුළ වාන් දැමීමට නියමිතය. කොත්මලේ ජලාශයේ ස්වංක්‍රීය වාන් දොරටු විවෘත වීමට ඉඩ ඇති බැවින් කොත්මලා ඔයට පහළින් ඇති නුගවෙල, රිවස්ටන්, උලපනේ, ගම්පොල , වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් මහවැලි ගඟේ ජලය පරිහරණය කිරීමේදී දැඩි විමසිලිමත් වන ලෙස මහවැලි අධිකාරිය දැනුම් දෙයි.

වික්ටෝරියා ජලාශය දෙවන වරටත් වාන් දැමීම ආරම්භ වූ අතර එහි වාන් දොරටු 06ක් විවෘත වූ බව ජලාශය භාර ඉන්ජිනෙරු වසන්ත ඇහැළපිටිය මහතා පැවසීය. තත්පරයට ඝන මීටර් 675ක ජල ධාරිතාවයක් රන්දෙණිගල ජලාශයට මුදා හැරෙන බව ද ඇහැළපිටිය මහතා තව දුරටත් සඳහන් කළේය.

ඡායාරූප – වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හයක් විවෘත වී ඇති අයුරු

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරයන් සූරතා සටනින් ඉවතට

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: හොංකොං ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට්...

වැසි තත්වයේ වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 08) දිනයේදී දිවයිනේ බොහෝ...

කොටහේනේ වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, කොටහේන, 16 වැනි පටුමග ප්‍රදේශයේදී...

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...