හෙට (25) සිට තවත් පනතක් බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, හෙට (25) සිට, රාජ්‍ය ණය කළමනාකරණ පනත බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, පසුගිය ජුනි 7 වැනි දා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ ණය සේවාකරණය සඳහා බලය ලබාදීම ඇතුළු නියමයන් රැසක් ඊට ඇතුළත්ය. මෙම පනතින් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීමට ද යෝජිත බව පැවසේ.