*
Tuesday, December 10, 2024
spot_img

Latest Posts

IMF අනුමැතිය ලැබුණා. නිධානෙකුත් ලැබෙනවා කියලා ආරංචියි. පිනට තමා ඔක්කොම හම්බ වෙන්නෙ – ඇමති හඳුන්

රටට හොඳ කලදසාව ලබන විට සියලුම දේ හොඳ අතට හැරෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“කර්මාන්තයක් ආරම්භ කරලා වැහිලා ගියපුවා කොච්චර තියෙනවාද ? අමුද්‍රව්‍ය ටික ගන්න විදියක් නැතිව කොච්චර තියෙනවාද ? ඒවාට ණය යෝජනා ක්‍රම තියෙනවා. ව්‍යවසායකයො පුරුදු කරන ඒවා තියෙනවා. කර්මාන්තකරුවන්ට තාක්ෂණය දෙන්න තැන් තියෙනවා. ඒ ආයතන තියෙනවා. හැබැයි ඒ ඔක්කෝම එක පිරිසක් භුක්ති විඳපු, ඇත්තටම ගත්තොත් ඒගොල්ලොන්ගෙ පුද්ගලික දේපළ වෙලා තිබිලා තියෙන්නෙ. අපි අවංකවම මේ ආයතනවල වෙච්ච වංචා දූෂණ ගැනත් හොයනවා. හැබැයි ඊට කලින් දැන් මේකෙ අපි වැඩ පටන් ගන්න ඕනෙ. මේක මහජනතාවට විවෘත කරන්න ඕනෙ. මහජනතාවට ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා නිතර මුණගැහෙන තැනක් වෙන්න ඕනෙ. කාර්ය මණ්ඩලය මිනිස්සුන්ට වැඩකරන තැනක් වෙන්න ඕනෙ. පඩි ගන්න රජයේ නිලධාරීන් ජනතාවගේ සේවකයො වෙන්න ඕනෙ. එක අමාත්‍යාංශයක නෙවෙයි හැම අමාත්‍යාංශයකම මේ ආකාරයට වැඩ කරන්න පටන් ගන්නවා අපි ඉස්සරහදී. අපෙ අමාත්‍යාංශවලින් කෙරෙන කාර්යය පිළිබඳව ඊළඟට අපි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. ජනතාවට අපෙ අමාත්‍යාංශ ගැන හැමදෙයක්ම කියා දෙනවා. එතකොට රටේ රූපවාහිනිය, මාධ්‍ය, සමාජ මාධ්‍යවලට තියෙනවා ලොකු වගකීමක් දැන්. මොකක්ද ? අපේ අමාත්‍යාංශවල කාර්යය ජනතාවට කියා දෙන එක. අද දවසේ අපට අහන්නට ලැබුනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ තුන්වැනි වාරිකය ලබාදීමේ සමාලෝචනය සාර්ථකව අවසන් කරලා තියෙනවා. දැන් මූලික අනුමැතිය අපට ලබාදීලා තියෙනවා. ඒ අස්සේ අපට ආරංචියක් එනවා නිධානෙකුත් හම්බවෙනවා කියලා. නේද ? පිනට තමයි ඔක්කොම හම්බ වෙන්නෙ. රටට හොඳ කලදසාව එනකොට නේද, හැමදෙයක්ම හොඳ පැත්තට හැරෙනවා. ජනතාවට ආදරය කරන නායකයෙක් හම්බවෙලා තියෙනවා. රටේ ජනතාව සමගි වෙලා තියෙනවා. ඔක්කොම හොඳ පැත්තට හැරිලා තියෙනවා. ඒක හින්දා අපි ඔබට කියන්නෙ අපි එකතුවෙලා වැඩ කරමු”

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ආණ්ඩුවට ඡන්දය ලබාදුන් ජනතාවට ස්තූති කිරීම සඳහා ඊයේ (නොවැම්බර් 23) මාතරදී පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan