විභාග කොමසාරිස්වරිය විසින් අපේක්ෂකයින්ට කරන විශේෂ දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW :

පසුගිය දා මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගයේ කොටසක් මේ වන විට වසා ඇත.

එබැවින් එම ප්‍රදේශය හරහා විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසු අපේක්ෂකයින් හට දුම්රිය මාර්ගය සහ වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දන්වා සිටී.

මෙසේ අවහිරතාවන්ට මුහුණ දී ඇති විභාග අපේක්ෂකයින් හට එම විකල්ප මාර්ග හරහා සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධ කරණයෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

හදිසි ජල ගැලීම් වැනි ආපදා අවස්ථාවන් හි දී විභාග අපේක්ෂකයින් හට සිය විභාග මධ්‍යස්ථාන වෙතගමින් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ, විභාග පැවැත්වෙන දිනයන්හි දී ඉහත දක්වා ඇති පරිදි විකල්ප ප්‍රවාහන ක්‍රම සඳහා ද ප්‍රවේශ වීමට නොහැකි යම් අපේක්ෂකයකු වේ නම් ළඟම පිහිටි කලාප අධ්‍යාපන කාර්යාලය හෝ පහත සඳහන් දුරකථන අංක අමතන ලෙසයි.

ඒ අනුව, මෙම අයහපත් කාලගුණික තත්ත්වය පවතින කාලය තුළ විභාග මධ්‍යස්ථාන වෙත කල් වේලා ඇති ව පැමිණීමට සැලසුම් කර ගන්නා ලෙස ද ඉල්ලා සිටී.

ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය හදිසි ඇමතුම් අංකය : 117

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය : 1911

පහතින් දැක්වෙන්නේ විභාග කොමසාරිස්වරිය විසින් අපේක්ෂකයින්ට කරන දැනුම් දීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...