හිටපු අගමැති හසීනා නැවත බාර දෙන ලෙස බංගලදේශය නැවත නැවතත් ඉන්දියාවෙන් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 24: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා දැනට ඉන්දියානු රජයේ ආරක්ෂාව යටතේ සිටින බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පිටුවහල් කරන ලෙස බංග්ලාදේශය නැවතත් ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.

පසුගිය වසරේ ශිෂ්‍ය නායකත්වයෙන් රජයට එරෙහිව විදී බසින ලද විරෝධතාකරුවන්ට මාරාන්තික මර්දනයක් ක්‍රියාත්මක කර 1400කට අධික පිරිසක් ඝාතනය කිරීම හේතුවෙන් ඇයට පසුගිය(17)වන දා ඩකාහි විශේෂ අපරාධ විනිශ්චය සභාවක් (ICT) විසින් හිටපු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු කර මරණ දඬුවම නියම කරන ලදී.

මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ විදේශ කටයුතු අමාත්‍ය ටූහිඩ් හොසේන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, පලාගිය හිටපු නායිකාව නැවත බාරදෙන ලෙස ඉල්ලා නවදිල්ලියට දින දෙකකට පෙර ලිපියක් යවා ඇති බවත්, හිටපු නායිකාව නැවත පැමිණීමට පහසුකම් සැලසීම සඳහා 2013 දී අත්සන් කරන ලද ද්විපාර්ශ්වික පිටුවහල් කිරීමේ ගිවිසුමක් යටතේ ඉන්දියාවට “අනිවාර්ය වගකීමක්” ඇති බවයි.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් අදහස් දක්වා නොමැති අතර හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු ඉන්දියාව ඇයට දැක්වූ සහයෝගය හේතුවෙන් දකුණු ආසියානු අසල්වැසියන් දෙදෙනා අතර රාජ්‍ය තාන්ත්‍රික මේවන විට පළුදු වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...