අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මටට්ම පිටාර මට්ටමට!

0
598

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW :

දිනපතා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පස්වරුවේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මටට්ම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසයි.

කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 9ක් සහ මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 15ක් දක්වා ආසන්න වෙමින් පවතින බවත්, ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යෑමත් සමග විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන් සහ පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව වාර්තා වේ.

මේ අතර, පවතින වර්ශාවත් සමග හැටන් ඩෙවෝන් සහ සෙන්ක්ලෙයාර් දිය ඇලිවල ජලධාරිතාවද ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.