ජාතික පොලිස් කොමිසමේ ප්‍රධානීන්ගේ හැසිරීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කර ඇති අපහාසයකි!

Date:

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විදේශගතව සිට  පසුගිය 20 වනදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු පිළිගැනීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා හා තවත් සාමාජිකයෙකු කටයුතු කළ ආකාරය පිළිබදව පාර්ලිමේන්තුව සිය අවධානය නොපමාවම යොමු කල යුතුව ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. 

ජාතික පොලිස් කොමිෂන් සභාවද ඇතුළුව ස්වාධීන කොමිෂන් සභා බවට පත්කරන ලද  සියළුම කොමිෂන් සභා වෙතින් අපේක්ෂා කර ඇත්තේ ඒ ඒ ක්‍රේෂ්ත්‍ර නියෝනය කරන ආයතන දේශපාලනීකරණයෙන් මුදා ගැනීමය. එම කොමිෂන් සභා සඳහා පත්කර ඇති සියළුම සාමාජිකයන්ට එම වගකීම් පවරා ඇත්තේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ විදිවිධානයන්ට අනුවය. ඒ අනුව රටේ දේශපාලන පක්ෂයක ජාතික සංවිධායකවරයෙකු පිළිගැනීම සදහා පොලිස් කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයෙකු ඉදිරිපත් වීම පැහැදිළිවම පක්ෂ දේශපාලනයට අනුගත දේශපාලන නායකයෙකුට සහය පළකිරීමකි, අනුග්‍රහය දැක්වීමකි.

ඔවුන්ගේ මෙම ක්‍රියාව මගින් ජාතික පොලිස් කොමිසම පසුගිය කාලය තුළ ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග පිළිබදව සමාජය තුළ බලවත් සැක සංකා උපදවා තිබේ. වගකීම් සහගත  සිවිල් සමාජ සංවිධානයක් ලෙස අප මේ බව පසුගිය කාලය පුරාම පෙන්වා දී ඇත්තෙමු.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ හා සාමාජිකයාගේ මෙම ක්‍රියාව කොමිසමේ ස්වාධීනත්වයට කර ඇති බරපතල සරදමකි. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට කරන ලද අවමානයකි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කර ඇති අපහාසයකි. ඒ අනුව මෙම ක්‍රියාව කිසිවෙකු විසින් හෝ කිසිදු ආයතනයක්  විසින් සැහැල්ලුවට ගෙන කටයුතු නොකල යුතුය. 

එමෙන්ම මෙම තත්වය මැනවින් තේරුම් ගෙන ඔවුන් තමන් දරමින් සිටින තනතුරුවලින් ඉල්ලා අස් නොවන්නේ නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තම වගකීම් සහගත බව රටට තහවුරු කරමින් ඔවුන්ට එරෙහිව නොපමාව පියවර ගත යුතුව ඇතැයි යන්න අප සංවිධානයේ ස්ථාවරයයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...