*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

දේශපාලන නායකයන් ත්‍රිවිධ හමුදාව අපවිත්‍ර කළා – අනුර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අප රටේ ත්‍රිවිධ හමුදාවන් කෙරෙහි සමාජයේ විශේෂ ගරුත්වයක් ඇති බවත්, දේශපාලන නායකයන් විසින් හමුදාවන් තුළ විවිධ ඒකකයන් ගොඩනඟමින් ඒ හමුදාව අපවිත්‍රකරණයකට ලක්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී – අනුර දිසානායක මහතා ඊයේ (23) පාර්ලිමෙන්තුවේදී පැවසීය.

” අප රටේ ත්‍රිවිධ හමුදාවන් කෙරෙහි සමාජයේ විශේෂ ගරුත්වයක් තිබෙනවා. දේශපාලන නායකයන් විසින් හමුදාවන් තුළ විවිධ ඒකකයන් ගොඩනඟමින් ඒ හමුදාව අපවිත්‍රකරණයකට ලක්කළා. ලසන්ත ඝාතනය, පෝද්දල ජයන්තට පහරදීම, කීත් නොයාර් පැහැරගෙන යාම, මාධ්‍යවේදී නාමල්ට පහරදීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ආදිය පිටුපස ඉන්නේ කවුද? ඒ පරීක්ෂණ කොතරම් දුර ගිහින් නැවතුනාද කියලා අපි කවුරුත් දන්නවා. සමස්ත හමුදාවම අපකීර්තියට පත්කරමින් ඒවා තුළින් යොදා ගත් කුඩා කණ්ඩායම් රාජ්‍ය මර්දනයේ ඒකකයක් ලෙස යොදා ගත්තා. එය මේ රටේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින කිසිදු හමුදා නිලධාරියෙකු අනුමත කරන දෙයක් නෙවෙයි. මා මෙය නැවත අවධාරණය කරන්නේ නැවතත් මේ ක්‍රියාවලිය සිදුවෙමින් තිබෙන නිසයි.

පසුගිය 12දා නාරාහේන්පිට, තෙරේසා පාරේ පල්ලිය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකට පහරදීමක් සිදුකළා. එයට විරෝධය පාමින් පසුගිය 19දා තවත් උද්ඝෝෂණයක් පැවැත්වූවා. ඒ උද්ඝෝෂණය බිය ගැන්වීම සඳහා කණ්ඩායම් ඒ අවට සැරිසරමින් සිටියා. නාරාහේන්පිට පොලීසියෙන් ඒ කණ්ඩායම් අත්අඩංගුවට ගත්තා. උද්ඝෝෂණවලට පහරදුන්, උද්ඝෝෂණවලට තර්ජනය කර, නාරාහේන්පිට පොලීසියේ අත්අඩංගුවට ගත් ඒ පිරිස කවුද? පාර්ලිමේන්තුවේත් හමුදාවන් සඳහා මුදල් වෙන්කර දී තිබෙන්නේ ජනතාවට පහර දෙන්න නොවෙයි. ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණවලට පහර දෙන්න නොවෙයි. ඒ නිසා නාරාහේන්පිට පහරදීම සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් පවත්වන ලෙස පොලීසිය බාර ඇමතිවරයාගෙන් මම ඉල්ලා සිටිනවා. නාරාහේන්පිට පොලීසියට කතා කොට අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න පොලීසියට බලපෑම් කළේ කවුද? විවිධ දේශපාලන උවමනාකම් මත හමුදාවේ කුඩා කණ්ඩායම් හදමින් පහරදීම් සහ ජනතාව මැඩපැවැත්වීම සඳහා දරන උත්සාහයන් නතර කරන්න ඕනෑ. කුඩා හමුදා කණ්ඩායම් යොදවා කළ ඝාතනයන්, දහරදීම්, අතුදහන්කිරීම් ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි

තම තරාතිරම කෙසේ වෙතත් විශ්‍රාම යාමෙන් පසුව තමන් කැමති දේශපාලනයක් කිරීමේ අයිතිය ඇති බවත්, එය මේ රටේත් ප්‍රජාතන්ත්‍රවාදයේත් මූලික අයිතියක් බවත් අනුර දිසානායක මහතා කියා සිටියේය.

” අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන්ගේ සාමූහිකයක් ගොඩනඟා තිබෙනවා. හමුදාවේ වෙන්න පුළුවන්, රජයේ ඉහළ නිලධාරීන් වෙන්න පුළුවන්, විශ්‍රාම යාමෙන් පසුව තමන් කැමති දේශපාලනයක් කිරීමේ අයිතිය තිබෙනවා. ඒක මේ රටේත් ප්‍රජාතන්ත්‍රවාදයේත් මූලික අයිතියක්. නමුත් තමන් කැමති දේශපාලන ව්‍යාපාරවලට පමණක් එම විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කිරීමේ අයිතිය ලබාදෙනවා නම්, එය කිසිසේත්ම යුක්තිසහගත නැහැ. වර්තමාන ආරක්ෂක ලේකම් ‘එළිය’ කියන සංවිධානය පිහිටුවාගෙන 2019 ජනාධිපතිවරණය සඳහා ඍජුව වැඩකළා. එය ඔහුගේ අයිතියක්. අපි ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ. ඔවුන්ට ඒ අයිතිය තිබෙනවා වගේමයි අපේ දේශපාලන ව්‍යාපාරයටත් එකතුවී වැඩකිරීමේ අයිතියක් විශ්‍රාමික හමුදා නිලධාරීන්ටත් සොල්දාදුවන්ටත් තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා ඒ අයිතිය මැඩපවත්වන්නේ කොහොමද? ඔහු ඔහුගේ අතීතයෙන්ම හාරලා අවුස්සලා බලන්න ඕනෑ. ඔහු යම් දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වී වැඩිකිරීමේ ප්‍රතිඵලයක් හැටියටම තමයි ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබාදී තිබෙනවා. තමන්ගේ ගරුත්වය මැනෙන්නේ තරු පටිවලින් නොවෙයි. රාජකාරියේ සිටින විට පළන්දපු පදක්කමෙන් නොවෙයි ඔහුගේ ගරුත්වය මැනෙන්නේ. තමන්ට දී තිබෙන රාජකාරිය නිසි පරිදි ඉටුකරනවාද යන්න මතයි ගරුත්වය මැනෙන්නේ” ලෙස කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan