පකිස්ථානයේ අගනුවර අගුලු දමයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරගත කර සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ආධාර කරුවන් ඉස්ලාමාබාද් වෙත පා ගමනින් යාමට සැළසුම් කර තිබු විරෝධතාවයක් හේතුවෙන් පාකිස්තානයේ අගනුවර ආරක්ෂක අගුලු දමා ඇති බව වාර්තා වේ.

ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය විසින් ඉම්රාන් ඛාන් හා සිරගත කර සිටින එම පක්ෂයේ නායකයන් නිදහස් කරන ලෙසත්, මේ වසර මුලදී දූෂිත මැතිවරණයක් යැයි පවසන දෙයින් අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් වත්මන් ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් ප්‍රකශ කරමින්, සංවිධානය කර තිබු මෙම විරෝධතාවය හේතුවෙන් මේ වන විට ඉස්ලාමාබාද් ප්‍රදේශයේ ජංගම සහ අන්තර්ජාල සේවා අත්හිටුවා මාර්ග වසා දමා පුළුල් හමුදා ආරක්ෂාවක් යොදවා තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, නීතිමය විධිවිධාන යටතේ ඕනෑම ආකාරයක රැස්වීම් තහනම් කර ඇති බවයි.

ඉම්රාන් ඛාන් 2022 දී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් පහ කිරීමෙන් අනතුරුව රාජද්‍රෝහීත්වය සහ ත්‍රස්තවාදය ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට වසරකට වඩා වැඩි කාලයක් සිරගත කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...