පකිස්ථානයේ අගනුවර අගුලු දමයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරගත කර සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ආධාර කරුවන් ඉස්ලාමාබාද් වෙත පා ගමනින් යාමට සැළසුම් කර තිබු විරෝධතාවයක් හේතුවෙන් පාකිස්තානයේ අගනුවර ආරක්ෂක අගුලු දමා ඇති බව වාර්තා වේ.

ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය විසින් ඉම්රාන් ඛාන් හා සිරගත කර සිටින එම පක්ෂයේ නායකයන් නිදහස් කරන ලෙසත්, මේ වසර මුලදී දූෂිත මැතිවරණයක් යැයි පවසන දෙයින් අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් වත්මන් ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් ප්‍රකශ කරමින්, සංවිධානය කර තිබු මෙම විරෝධතාවය හේතුවෙන් මේ වන විට ඉස්ලාමාබාද් ප්‍රදේශයේ ජංගම සහ අන්තර්ජාල සේවා අත්හිටුවා මාර්ග වසා දමා පුළුල් හමුදා ආරක්ෂාවක් යොදවා තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, නීතිමය විධිවිධාන යටතේ ඕනෑම ආකාරයක රැස්වීම් තහනම් කර ඇති බවයි.

ඉම්රාන් ඛාන් 2022 දී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් පහ කිරීමෙන් අනතුරුව රාජද්‍රෝහීත්වය සහ ත්‍රස්තවාදය ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට වසරකට වඩා වැඩි කාලයක් සිරගත කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...