රුසියාවෙන් අඩු මිලට බොරතෙල් – අලි සබ්රි

Date:

රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතිබව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෘජුවම රුසියාවෙන් හෝ ඉන්දියාව හරහා රුසියානු බොරතෙල් ලබාගැනීමට අවධානය යොමුව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා,

“අප යුක්‍රේන යුද්ධයෙන් දැවැන්ත බලපෑමකට ලක්ව ඇති බව නොරහසක්. එහෙත් ඉදිරියේදී හෝ අපට රුසියාවෙන් බොරතෙල් ලබාගත හැකි නම් අප ඒ සඳහා කටයුතු කරනවා. දැනට පවතින තෙල් මිල අපට දැරිය නොහැකියි. වරක් අපේ ජනාධිපතිවරයා පැවැසු පරිදි දැවැන්ත රටවල් අතර සිදුවන ඝට්ටනවලදී අප වැනි කුඩා රටවලටයි වැඩිම බලපෑම ඇතිවන්නේ. ඒ අනුව අඩු මිලකට රුසියාවෙන් අපට බොරතෙල් ලබාගත හැකිනම් එහිදි ජාත්‍යන්තර නීති හා ආචාර ධර්ම උල්ලංඝනය නොවන්නේ නම් අප ඒ සඳහා නිසැකවම රුසියාව සමග කටයුතු කිරීමට නියමිතයි. රුසියාව සමග දීර්ඝ කාලීනව අපේ හොඳ සබඳතාවක් පවතින බවද කිව යුතුයි. මම විශ්වාස කරනවා රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගැනීම අනෙක් රටවලට ගැටලුවක් වී නොමැති බව.
මන්ද කිසිවෙකු රුසියානු තෙල් වෙළඳපොලට ඒම වළක්වන්න කැමැති නැහැ.”

යනුවෙන් පැවසීය .

රෂිකා හෙන්නායක
2022.11.25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...