රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවෙයිද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක වැටුප් වැඩිකිරීමක් සහ විශ්‍රාම වැටුප රු.2,500කින් ඉහළ දැමීමට අවශ්‍ය උත්සාහය ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,

“ජනාධිපතිතුමාගේ දැඩි අවදානය යොමු වෙලා තියෙනවා රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාම සේවකයින්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ. අඩුම තරමේ රාජ්‍ය සේවකයින්ට ජනවාරි මාසේ ඉදලා අප්‍රේල් මාසය දක්වා අඩුම තරමින් රුපියල් 5,000 ගානේ වත් දෙන්න කියන එක. මේ සඳහා මාසකට අවශ්‍ය වෙනවා අපිට රුපියල් ලක්ෂ 65,000ක්. ඊට අමතරව විශ්‍රාමිකයින්ට වැඩිකළ රුපියල් 2,500ත් ජනවාරි ඉදලා දෙන්න කියලා. ඒ සඳහාත් අපිට රුපියල් ලක්ෂ 18,000ක් අවශ්‍ය වෙනවා. රජ්‍ය විශ්‍රාමිකයින් ඉන්නවා හත් ලක්ෂයක් වගේ. මෙය ජනවාරි සිට ලබා දෙන්න දැඩි උතසාහයක යෙදෙනවා”

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...