ඒෂාන් මාලිංග වෙනුවෙන් සන්රයිස් හයිද්‍රාබාද් ලංකාවටත් වඩා ඉස්සර වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 26,(LNW) කොළඹ :

තවමත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරිම සඳහා අවස්ථාවක් නොලද,ඒෂාන් මාලිංග මෙවර අයිපීඑල් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දියානු රුපියල් කෝටි 1.20 ට සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉදිරිපත් වී තිබෙනවා.ඔහු වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබූ මූලික මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ 30 ක් වුව ද,රාජස්තාන් රෝයල් කණ්ඩායම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර ඔහුව මිල දි ගැනීම වෙනුවෙන් පැවති තරගය හේතුවෙන් මාලිංගගේ මිල ඉන්දියානු කෝටි 1.20 ක් දක්වා ඉහළ ගියා.


ඔහු ගෙවුණු ආසියානු නැඟී එන කණ්ඩායම් අතර වූ තරගාවලියේදී අවසාන පන්දු ඕවර් කිහිපය විවිධාකාරයෙන් යොමු කර ලකුණු ලබා ගැනීම වැළක්වීමේදි දැක් වූ දක්ෂතා නිසා බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වූ අතර මේ වන විටත් ඔහු ශ්‍රී ලංකා ඒ එක්දින කණ්ඩායම සමඟ පකිස්තාන ඒ කණ්ඩායමට එරෙහිව හොඳින් පන්දු යවමින් සිටිනවා.තවමත් ජාතික කණ්ඩායමේ පළමු එකළොස් දෙනාට තේරි නැති ක්‍රීඩකයෙක් වුව ද,ඔහු ලැබෙන අවස්ථාවන් හී දක්වන දක්ෂතා ගැන සැළකිල්ල යොමු කර මෙවර සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ඔහුව තෝරා ගැනිමට කටයුතු කර තිබෙනවා.


එසේම ඒෂාන් මාලිංග රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙක් වන අතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට මෙන්ම ජාතික සංචිතයට ද සීවලි ක්‍රීඩකයෙක් ඇතුළත් වූ පළමු අවස්ථාව ලෙස ඒෂාන් මාලිංගගේ නම ඉතිහාසයට එකතු වී තිබෙනවා.එසේම දැන් සීවලියෙන් බිහි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අයිපීඑල් තරග සඳහා ක්‍රීඩා කරන්නට තේරී පත් වූ පළමු අවස්ථාව ලෙස ද,ඒෂාන් මාලිංගේ නම සීවලි ඉතිහාසයට මෙන්ම රත්නපුර ඉතිහාසයට ද එකතු වෙනවා.


ඒෂාන් රත්නපුර බලංගොඩ ප්‍රදේශයෙන් සීවලියට පැමිණි අධ්‍යාපනයට ද සුවිශේෂී දක්ෂතා දැක් වූ අයෙකු බව වාර්තා වෙනවා.මේ වන විට 23 වන වියේ පසුවන ඒෂාන් මාලිංගට උදාවන අයිපීඑල් අවස්ථාව ඔහුගේ ඉදිරි ක්‍රිකට් ජිවිතයට විශාල අත්දැකිම් ප්‍රමාණයක් එකතු කරන බව නිසැකය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනතුරට පත් එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මඟින් 242ක් රැගෙන...

බන්ධනාගාර ක්ලීන් කිරීම අරඹයි! ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැන විමර්ශන!

කොළඹ LNW:දිවයින පුරා තිබෙන සියළුම බන්ධනාගාර පරිපාලනය කරනු ලබන...

“Child First” නමින් නව ව්‍යාපෘතියක් : මෙරට දරුවන් වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : ළමා හිංසන, ළමා...