විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිමෙන් නිවේදනයක්!

Date:

කොළඹ LNW: විදුලි ගාස්තු සංශෝධනය ගැන පළවන සාවද්‍ය පුවත්වලට ප්‍රතිචාර දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගාස්තු සංශෝධනයට අදාළව පසුගිය ඔක්තෝම්බර් මස 24 වැනි දින ඉදිරිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියමක විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා 2024 අවසන් කාර්තුවට නොව 2025 මුල් මාස 06 සලකා 2025.01.01 සිට බලපැවැත්වෙන පරිදි ගාස්තු සංශෝධනය සඳහා එම යෝජනාව යළි සකස් කර එවන ලෙස නියාමක විසින් ඉල්ලා තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව එළඹෙන දෙසැම්බර් 06 වැනි දිනට පෙර එම යෝජනාව යොමුකරන බව ලංවිම පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...